Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් සුදුසුකම් සොයා පහක් තායිවානයට

ඔලිම්පික් සුදුසුකම් සොයා පහක් තායිවානයට

editorial - 2024 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීන - තායිපේහිදී  හෙට සහ අනිද්දා (1 - 2) පැවැත්වෙන  චීන - තායිපේ විවෘත  මලල ක්‍රීඩා තරගාවලියට  සහභාගි වීම සදහා  මෙරට  ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  පස් දෙනෙක් දිවයිනෙන්  පිටත්ව  ගියහ.

මීටර්  800 ක්‍ර්‍රීඩිකාවන්  වන ගයන්තිකා  අබේරත්න  හා  තරුෂි, කරුණාරත්න, මිටර්  400 ක්‍රීඩිකා නදීෂා රාමනායක ඊයේ (30) උදෑසන ඒ සදහා දිවයිනෙන්  පිටත්ව ගියහ. ඒ අතර  චීනයේ වොන්ග්කින්ග්  නුවරදී  අවසන් වූ ග්‍රෝන්  - ප්‍රී  මලල  ක්‍රීඩා තරගාවලියට සහභාගිවී සිටි මීටර්  400 ශ්‍රී  ල‍‍ංකා  ක්‍රීඩක අනුර දර්ශන  හා ශ්‍රී ල‍‍ංකා හෙල්ල විසි කිරිමේ ක්‍රීඩිකා නදීෂා  දිල්හානි  ලේකම්ගේ  එහි සිට කෙළින්ම  මෙම  තරගාවලියට සහභාගිවීම සදහා  තායිපේ  නුවරට  ළගාවීමට  නියමිතය.

මොවුන්ගේ මෙම  තරග සංචාරයේ අරමුණ  වන්නේද  පැරිස් ඔලිම්පික්  (2024) නිර්දේශ තහවුරු  කර ගැනීමයි. ඒ අතරින් තායි නුවරදී  තරුෂි කරුණාරත්නගේ  තරග වැදීම දැඩි  අවධානයට  යොමු වේ.

ඊට ප්‍රධානතම හේතුව ආසන්නයේදීම පැවැති  ජාත්‍යන්තර  දෙකකට සහභාගිවූවත් ඇය එහිදී  තරග වැදීමෙන් වැළකී සිටීමය. අසනීප  තත්ත්වයන්  ඊට හේතුවූ බව එහිදී  ප්‍රකාශ විය. ඇය අවසන්  වරට ඩුබායි  හා ඔසාකා  යන නගර වලදී  පැවැති ග්‍ර්‍ර්‍රෝන්  - ප්‍රී  මලල  ක්‍රීඩා  තරගාවලි දෙනෙකට සහභාගි  වූවාය.

එහිදී ඩුබායි නුවරදී  ඇය තරග වදිමින් සිටින  අතර ධාවනයෙන්  අතරමග ඉවත් වූවාය. ආසියානු  ශූරතාවලියේදී (2023) නව වාර්තාවක් පිහිටුවමින්  මිටර්  800 (කාන්තා) ඉසව්ව ජය ගත් තරුෂි එහිදී  වාර්තා කළ විනාඩි  2.තත්පර 00.66 ක කාලය මෙතෙක්  ඉසව්වේ ඇගේ හොඳම  දක්ෂතාවයි.

පැරිස්  ඔලිම්පික්  එහි අවම නිර්දේශය විනාඩි 1 තත්පර 59.30 කි.

මේ අතර පෙරේදා (29)  වොන්ග්කින්ග්  නුවරදී  අවසන්  වරට  තරග වැදුණු  ශ්‍රී  ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා  දිල්හානිගේ එහිදී  දක්ෂතාව  මීටර්  54.38 ක් දක්වා අවමවී තිබුණි. එහිදී  පැරිස්  ඔලිම්පික්  නිර්දේශය සදහා  ඇය ඉසව්වේ අවම මීටර්  64.00 දක්ෂතාවක් ප්‍රදර්ශනය  කළ යුතුව  ඇත.

තායිවාන තරගාවලියට  සහභාගි  වන සෙසු ශ්‍රී  ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිය ඉසව් වෙතින් පැරිස්  ඔලිම්පික්  නිර්දේශයට ආසන්නයටම  පැමිණ  සිටින්නෝ වෙති. ඒ අතරින් අනුර දර්ශන ඉකුත්දා අවසන්  වරට චීනයේදී පළ කළේ තත්පර  45.48 ක දක්ෂතාවකි.එහෙත් පැරිස්  ඔලිම්පික්  මීටර් 400 (පිරිමි) ඉසව්වේ  අවම නිර්දේශය තත්පර 45.00කි. අනුරගේ මෙතෙක්  එහි හොඳම  දක්ෂතාව  තත්පර 45.30 කි.

පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  ලබා ගැනීමට  ලොව පුරා මලල  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජූනි 30 දක්වා අවස්ථාව  හිමිව තිබේ. ශ්‍රී ලංකාවෙන් ඒ සදහා  මේ වනතෙක්  කිසිදු  ක්‍රීඩකයෙක්  හෝ ක්‍රීඩිකාවක් නිර්දේශ ලබා නැත.

ඒ හේතුවෙන්  ආසන්නයේ යෙදී  තිබෙන  අන්තර් ජාතික  හා  දේශීය    මලල ක්‍රීඩා තරගාවලි ගණනාවකටම මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට උනන්දුවී සිටිති.

නදීෂා  රාමනායක මිටර් 400 (කාන්තා) ඉසව්වෙන් මෙතෙක්  හොඳම  දක්ෂතාවය  පෙන්වා ඇත්තේ තත්පර 52.61කි. එහෙත්  එහි පැරිස්  ඔලිම්පික් අවම නිර්දේශය තත්පර 50.95 කි. 37 හැවිරිදි  ගයන්තිකා  අබේරත්න  මෙතෙක්  මීටර්  800 (කාන්තා) ඉසව්වේ හොඳම  දක්ෂතාවය  ලෙස පෙන්වා ඇත්තේ  විනාඩි 2 තත්පර 01.20 කි.


අදහස් (0)

ඔලිම්පික් සුදුසුකම් සොයා පහක් තායිවානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.