Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉහෙනුම ලබන 12 හැවිරිදි දේවින්දයා ඔෂිනි ගුණවර්ධන කාන්තා ඉන්ටර්නැෂනල් මාස්ටර් පදවිය හිමිකර ගත්තාය. මෙම පදවියට පත්වූ ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ ලාබාලතම ක්‍රීඩිකාව වන ඔෂිනි, පසුගිය ජූනි මාසයේදී පැවැති බටහිර ආසියානු කාන්තා චෙස් ශූරතාවලියේදී ඒ සඳහා අවශ්‍ය දස්කම් සම්පූර්ණ කළාය.
ලෝක චෙස් සම්මේලනය (FIDE) විසින් මේ සතියේදී දේවින්දයා ඔෂිනි ගුණවර්ධනට කාන්තා ඉන්ටර්නැෂනල් මාස්ටර් පදවිය නිල වශයෙන් පිරිනමන ලදි.
අන්තර්ජාතික චෙස් ක්‍රීඩාවේදී ශ්‍රේණිගත ලකුණු 2000 පසු කිරීමත් සහ අන්තර් ජාතික චෙස් තරගාවලිවලදී ඉලක්කගත ලකුණුවල සාරාංශයත් සලකා ලෝක චෙස් සම්මේලනයෙන් ඔෂිනිට මෙම පදවිය පිරිනමා තිබේ.
ශ්‍රී ලංකාවටම සිටිනුයේ කාන්තා චෙස් ඉන්ටර්නැෂ්නල් මාස්ටර්වරියන් තිදෙනෙකි.ඒ පදවියට මුලින්ම පත්වූයේ සචිනි රණසිංහය. ඇයගෙන් පසුව නෙලුනිකා මෙත්මාලි එම පදවියට පත්වූවාය. ඉන් වසර පහකට පමණ පසුව ඔෂිනිට මෙම පදවිය ලබා ගැනීමට හැකිවිය.
චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වශයෙන් ඉන්ටර්නැෂනල් මාස්ටර්වරුන්ද ලංකාවේ ඇත්තේ හතර දෙනෙකි. ශ්‍රී ලංකාවේ මුල්ම පිරිමි ඉන්ටර්නැෂනල් මාස්ටර් වන්නේ රොමේෂ් වීරවර්ධනය. ඉන්පසු පිළිවෙලින් හර්ෂණ තිලකරත්න, සුසාල් ලොකුගේ සහ රනිදු දිල්ෂාන් ලියනගේ එම පදවියට පත්වූහ.
දේවින්දයා ඔෂිනි ගුණවර්ධන වත්මන් ජාතික චෙස් ශූරිය ද වන්නීය. එමෙන්ම මේ කුඩා චෙස් ක්‍රීඩිකාව ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ කාන්තා අංශයේ පළමු ස්ථානය හිමිකර ගෙන සිටින්නීය.
රත්නපුර ෆර්ගියුසන් පාසලෙන් චෙස් ක්‍රීඩාවට අත්පොත් තබා පසුව කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලට ඇතුලත්ව වූ ඔෂිනි ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලංකාවට අත්කර දෙමින් ශ්‍රී ලංකාවේ හොදම යොවුන් චෙස් කීඩිකාව බවටද පත්ව සිටින්නීය.
ඔෂිනි ගුණවර්ධනගේ චෙස් කීඩා පුහුණුකරු ලෙස ප්‍රවීණ චෙස් කීඩා උපදේශක අකිල කාවින්ද මහතා කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.