Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕෂධගෙන් ශතකයක්

ඕෂධගෙන් ශතකයක්

editorial - 2023 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) ආරම්භ වූ දෙදින පුහුණු තරගයේදී ටෙස්ට් පිතිකරු ඕෂධ ප්‍රනාන්දු අගනා ශතකයක් ලබාගත්තේය. ඕෂධ (113) ශතකයක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන් අසාර්ථකවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ඉනිම ලකුණු 196 දී නිමාවට පත්විය. ඊට පිළිතුරු වශයෙන් පාකිස්තානු කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 160 ක් ලබා සිටියේය. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලේ නායක කමිඳු මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි මුහුණ දුන් මුල්ම පන්දුවෙන් දැවී ගියේය. එහෙත් නායකයා සමගින් එක්වූ ඕෂධ, මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට 119 ක් දක්වා ඉහළට ගෙන ගියේය. 

නායකයා දවාගැනීමත් සමගම තරගයේ පාලනය අතට ගත් ශහීන් ෂා අෆ්රීඩි (37/3) සහ හසන් අලී (22/3) දෙදෙනා ලකුණු 75 ක් ඇතුළත, සභාපතිගේ පිලේ ඉතිරි කඩුලු 8 ම දවාගත්හ. පන්දු 127 කට මුහුණ දුන් ඕෂධගේ ඉනිම හතරේ පහර 18 කින් සමන්විත විය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල - පළමු ඉනිම සියලු දෙනා දැවී 196 යි 
(ඕෂධ ප්‍රනාන්දු 113, කමිඳු මෙන්ඩිස් 21, නිපුන් ධනංජය 14, මිලාන් රත්නායක 15, ශහීන් ෂා අෆ්රීඩි 37/3, හසන් අලී 22/3, අබ්රාර් අහමඩ් 52/2, අමීර් ජමාල් 33/2)

පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 3 ට 160 යි 
(අබ්දුල්ලා ශෆීක් 25, ඉමාම් උල්හක් 36, ශාන් මසූඩ් 83, ලක්‍ෂිත මනසිංහ 39/2)

 


අදහස් (0)

ඕෂධගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.