Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව ලකුණු 156 ක් පසුපසින්

ඕස්ට්‍රේලියාව ලකුණු 156 ක් පසුපසින්

ශනුක අරවින්ද - 2017 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (29 වැනිදා) තරගය තනර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 265 ක ඉලක්කයක් හඹායමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 109 ක් ලබා සිටියේය.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8 ක් ඇතැතිව බංග්ලාදේශ වඩා තවත් ලකුණු ලකුණු 156 ක් පසුපසින් සිටියි. තෙවැනි දිනය සඳහා අද තරගය නතර කරන විට ඬේවිඞ් වෝනර් ලකුණු 75 ක්ද, නායක ස්ටීවන් ස්මිත් ලකුණු 25 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 27 ක් වන විට ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 5 ක් ලබා සිටි මැතිව් රේන්ෂෝ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට මෙහෙදි හසන් සමත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි උස්මාන් කවාජාටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකි වූ අතර සකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ තයිජුල් ඉස්ලාම් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට කවාජා ලබා සිටියේ එක් ලකුණක් පමණි.

දෙවැනි දිනය වූ ඊයේ (28 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් ලකුණු 45 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 176 ක් පමණි. බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් හතරේ පහර 8 ක් සමගින් ලකුණු 78 ක් රැස්කළේය.

එහිදී දක්ෂ පන්දුයැවීමක නිතර වූ නේදන් ලයන් ලකුණු 82 කට කඩුලු 6 ක් දවාගනිමින් බංග්ලාදේශ දෙවැනි ඉනිම සුනුවිසුනු කර දැමූ අතර ඔහුට අනගි සහායක් දුන් ඇස්ටන් ඒගර් ලකුණු 55 කට කඩුලු 2 ක් දවාගත්තේය.

බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 260
(තමීම් ඉක්බාල් 71, සකීබ් අල් හසන් 84, මුෂ්ෆිකුර් රහීම් 18, නසිර් හුසේන් 23, මෙහෙදි හසන් 18, ශෆියුල් ඉස්ලාම් 13, ඇස්ටන් ඒගර් 46/3, පැට් කමින්ස් 63/3, නේතන් ලයන් 79/3)

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 217
(මැතිව් රේන්ෂෝ 45, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 33, ග්ලේන් මැක්ස්වෙල් 23, ඇස්ටන් ඒගර් 41, පැට් කමින්ස් 25, සකීබ් අල් හසන් 68/5, මෙහෙදි හසන් 62/3)

බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 221
(තමීම් ඉක්බාල් 78, සෞම්‍ය සාකර් 15, මුෂ්ෆිකුර් රහීම් 41, සබීර් රෙහෙමාන් 22, මෙහෙදි හසන් 26, නේතන් ලයන් 82/6, ඇස්ටන් ඒගර් 55/2)

ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 109
(ඬේවිඞ් වෝනර් නොදැවී 75, ස්ටීවන් ස්මිත් නොදැවී 25)

-036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව ලකුණු 156 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.