Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු ඉනිම 243 කට සීමා වෙයි

ඕස්ට්‍රේලියානු ඉනිම 243 කට සීමා වෙයි

ශනුක අරවින්ද - 2018 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එළිසබෙත්හිදී අද (9 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 243 කට සීමා කිරීමට කගිසෝ රබාඩා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෝ සමත් වූහ.

දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 39 ක් ලබා සිටි අතර ඩීන් එල්ගා ලකුණු 11 ක්ද, රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පැමිණි කගිසෝ රබාඩා ලකුණු 17 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 11 ක් ලබා සිටි ඒඞ්න් මාක්‍රම් පිටියෙන් ඉවත්ව ගියේ පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කන්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් කැමරන් බොයික්‍රෝෆ්ට් (38) සහ ඬේවිඞ් වෝනර් (63) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. බෝයික්‍රොෆ්ට්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර වෝනර්ගේ අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 161 ක් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 25 ක් ලබා සිටි ස්ටීවන් ස්මිත් දැවී ගිය අතර එතැන් පටන් ලකුණු 82 ක් තුළ ඉතිරි කඩුලු 6 ම බිඳ දැමීමට දකුණු අප්‍රිනාකු පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කගිසෝ රබාඩා ලකුණු 96 කට කඩුලු 5 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම අඩ පණ කළ අතර ලුංගි නිදි ලකුණු 51 කට කඩුලු 3 ක්ද, වර්නන් පිලැන්දර් ලකුණු 25 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් රබාඩාට අනගි සහායක් ලබාදුන්හ.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 243
(කැමරන් බොයික්‍රෝෆ්ට් 38, ඬේවිඞ් වෝනර් 63, ස්ටීවන් ස්මිත් 25, ෂොන් මාෂ් 24, ටිම් පේන් 36, නේදන් ලයන් 17, කගිසෝ රබාඩා 96/5, කගිසෝ රබාඩා 51/3, වර්නන් පිලැන්දර් 25/2)

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - කඩුල්ලක් දැවී 39
(කගිසෝ රබාඩා නොදැවී 17)

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ඉනිම 243 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.