Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ එංගලන්තය පරදවති
වි-20 ලෝක කුසලාන 2024

ඕස්ට්‍රේලියානුවෝ එංගලන්තය පරදවති

editorial - 2024 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඕස්ට්‍ර්ලියාව සහ එංගලන්තය අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ‍ඊයේ (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 36 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාව ලැබූ දෙවැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 165 ක් පමණි. නායක පැට් කමින්ස් ලකුණු 23 කට කඩුලු 2 ක්ද, ඇඩම් සම්පා ලකුණු 28 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබාදුන් පිලිප් සෝල්ට් (37) සහ ජොස් බට්ලර් (42) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 23 කදී වාර්තා වූ සෝල්ට්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින්ද, පන්දු 28 කදී වාර්තා වූ බට්ලර්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින්ද සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවෝ ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 201 ක් ලබාගත් අතර එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 70 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට ට්‍රැවීස් හෙඩ් (34) සහ ඩේවිඩ් වෝනර් (39) සමත් වූහ.

පන්දු 18 කට මුහුණදුන් හෙඩ් හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින්ද, පන්දු 16 කට මුහුණදුන් වෝනර් හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින්ද සිය ඉනිම් සැරසූහ. නායක මිචෙල් මාෂ් පන්දු 25 කින් ලකුණු 35 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

ග්ලේන් මැක්ස්වෙල් පන්දු 25 කදී හ‍යේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 28 ක්ද, මාකස් ස්ටොයිනිස් පන්දු 17 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක්ද රැස්කරමින් ඕ‍ස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන යෑම සඳහා දායකත්වය දැක්වූහ.  

 

ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 7 කට 201
(ට්‍රැවීස් හෙඩ් 34, ඩේවිඩ් වෝනර් 39, මිචෙල් මාෂ් 35, ග්ලේන් මැක්‍ස්වෙල් 28, මාකස් ස්ටොයිනිස් 30, මැතිව් වේඩ් නොදැවී 17, ක්‍රිස් ජෝඩාන් 44/2)

එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 165  
(පිලිප් සෝල්ට් 37, ජොස් බට්ලර් 42, මුයින් අලී 25, හැරී බෘක් නොදැවී 20, ලයෑම් ලිවංග්ස්ටන් 15, පැට් කමින්ස් 23/2, ඇඩම් සම්පා 28/2)


අදහස් (1)

ඕස්ට්‍රේලියානුවෝ එංගලන්තය පරදවති
  • Janahitha Monday, 10 June 2024 01:47 PM

    ලාංකිකයෝ ලංකාව පරදවති... නොදකින් විතරක්... ! 

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.