Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (26 වැනිදා) කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව, ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 311 ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවිය. ඒ වන විට ස්ටීවන් ස්මිත් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 68 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.
ඕස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන් සෑම් කොන්ස්ටස් (60) සහ උස්මාන් කවාජා (57) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන 19 හැවිරිදි කොන්ස්ටස් හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය සැරසූ අතර කවාජාගේ 27 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.
මෙම තරගයේදී කොන්ස්ටස් එල්ල කළ පළමු හයේ පහර, ටෙස්ට් තරගයකදී ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ දින 1445 කට සහ පන්දු 4483 ක පසුව පිතිකරුවකු එල්ල කළ පළමු හයේ පහර ලෙසද සටහන් විය. රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වෙමින් කොන්ස්ටස් දැවී යෑමෙන් අනතුරව පිටියට පිවිසි මානස් ලැබුෂේන් (72) හතරේ පහර 7 ක් සමග සිය 22 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත්තේය.
උස්මාන් කවාජා සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලැබුෂේන්, ඉන් නොනැවතී ස්ටීවන් ස්මිත් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩයමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. ඕස්ට්‍රේලියානු ඉනිමේ සිවුවැනි කඩුල්ල බවට පත්වෙමින් ලැබුෂේන් දැවී ගියේ වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවක් හමුවේ විරාට් කෝලි අතට උඩපන්දුවක් දෙමිනි.
ඉන් අනතුරුව පිටියට පිවිසි ට්‍රැවීස් හෙඩ්ට (0) සහ මිචෙල් මාෂ්ට (4) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ජස්ප්‍රීට් බුම්රා ඉඩක් ලබා නොදුන්නේය. ලකුණු 246 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ ඕස්ට්‍රේලියානු ඉනිමට නව ජවයක් එක්කළ ස්ටීවන් ස්මිත්, හයවැනි කඩුල්ල වෙනුවෙන් ඇලෙක්ස් කේරි (31) සමග එක්ව ලකුණු 53 ක් සම්බන්ධතාවක් ගොඩනැගුවේය.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 6 කට 311
(සෑම් කොන්ස්ටස් 60, උස්මාන් කවාජා 57, මාර්නස් ලැබුෂේන් 72, ස්ටීවන් ස්මිත් නොදැවී 68, ඇලෙක්ස් කේරි 31, ජස්ප්‍රීට් බුම්රා 75/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.