Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට එරෙහිව ලකුණු 43 ක ජයක් ලැබූ ඕස්ට්‍රේලියානුවෝ තරග 5 කින් සමන්විත අළු බඳුන තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 371 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 327 ක් පමණි.
නායකත්වයේ පිතිහරඹයක නිරත වූ බෙන් ස්ටෝක්ස් හයේ පහර 9 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 155 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
නේදන් ලයන් ආබාධයකට ලක්වීම හේතුවෙන් නිත්‍ය දඟ පන්දු යවන්නකු නොමැතිව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එංගලන්ත දෙවැනි ඉනිමේ කඩුලු 10 ම වේග පන්දු යවන්නන් අතරේ බෙදාගත්හ.
සිවුවැනි දිනය වූ ඊයේ (1 වැනිදා) තරගය නිමාවට පත්වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 114 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී ඉතිරි කඩුලු 6 ත් අහිමිකර ගනිමින් සිය දෙවැනි ඉනිමට එක්කර ගත හැකි වූයේ ලකුණු 213 ක් පමණි.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 416
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 325
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 279
(උස්මාන් කවාජා 77, ඩේවිඩ් වෝනර් 25, මානස් ලැබුෂේන් 30, ස්ටීවන් ස්මිත් 34, ඇලෙක්ස් කේරි 21, ස්ටුවට් බ්‍රෝඩ් 65/4, ඔලී රොබින්සන් 48/2, ජොෂ් ටන්ග් 53/2)
එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 327
(බෙන් ඩුකට් 83, බෙන් ස්ටෝක්ස් 155, පැට් කමින්ස් 69/3, ජොෂ් හෙසල්වුඩ් 80/3, මිචෙල් ස්ටාක් 79/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.