Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩන් නුවර ඕවල් පිටියේදී අද (07 වැනිදා) ආරම්භ වූ ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියානුවෝ පළමු දින දිවා ආහාරය වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 73 ක් ලබාගත්හ. ආරම්භක පිතිකරු උස්මන් කවාජා ලකුණු නොලබා දැවී ගිය අතර සුපුරුදු ආක්‍රමණශීලී පිතිහරඹයට පිළිපන් ඩේවිඩ් වෝනර් හතරේ පහර 8 ක් සමගින් ලකුණු 43 ක් ලබාගත්තේය.
මොහොමඩ් සිරාජ් සහ ශර්දුල් ඨාකූර් බිඳ වැටුණු කඩුලු දෙක දවාගත්හ.
තමන් සතු වඩාත්ම පළපුරුදු දඟ පන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සඳහා ක්‍රීඩා කරන 11 දෙනාගෙන් ඉවත් කළ ඉන්දියානුවෝ කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්හ. පිට දඟ පන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් ඉවත් කළ නමුත් පා දඟ පන්දු යවන රවීන්ද්‍ර ජදේජා කණ්ඩායමේ රඳවා ගැනීමට ඉන්දීය කළමණාකාරීත්වය තීරණය කර තිබේ.
ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් කීවේ කාසියේ වාසිය දිනාගත්තේ නම් තමන් වුවද පළමුවෙන් පන්දු යැවීම තෝරා ගන්නා බවයි.
මේ අතර දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට ඕස්ට්‍රේලියානුවෝ තීරණය කළහ. වෝනර් පසුගියදා කියා සිටියේ ලබන වසරේ සිඩ්නි නුවරදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් පසුව තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවයි.
රවිචන්ද්‍රන් අශ්වින් ලෝකයේ හොඳම ටෙස්ට් දඟ පන්දු යවන්නා වූවත් අද පෙරවරුවේදී ලන්ඩන් නුවර පවතින මන්දාරම් අහස හේතුවෙන් අශ්වින් ඉවත් කර, වේග පන්දු යවන්නන් සිව් දෙනකු සමගින් තරගයට යාමට ඉන්දියානුවෝ තීරණය කළහ.
දෙවැනි වරට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය මෙයයි. වසර 2021 දී පැවැති අවසන් මහ තරගයේදී නවසීලන්තය විසින් ඉන්දියාව පරාජය කරමින් ලෝක ටෙස්ට් ශූරතාව දිනාගන්නා ලදි. ඕස්ට්‍රේලියානුවන් බොහෝ ලෝක කුසලාන දිනා ඇතත් ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පළමු වැනි වතාවටය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම
ඩේවිඩ් වෝනර්, උස්මන් කවාජා, මානස් ලැබුෂේන්, ස්ටීවන් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, කැමරන් ග්‍රීන්, ඇලෙක්ස් කේරි (කඩුලු රකින්නා), මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් (නායකයා), නේතන් ලයන් සහ ස්කොට් බෝලන්ඩ්
ඉන්දීය කණ්ඩායම
රෝහිත් ෂර්මා (නායකයා), ෂුබ්මන් ගිල්, චෙටේස්වාර් පුජාරා, විරාට් කෝලි, අජින්ක්‍යා රහනේ, ශ්‍රීකාර් භාරත් (කඩුලු රකින්නා), රවීන්ද්‍ර ජදේජා, ශර්දුල් ඨාකූර්, උමේෂ් යාදව්, මොහොමඩ් ශාමි සහ මොහොමඩ් සිරාජ්
විනිසුරුවරු :
රිචඩ් ඉලිංවර්ත් (එංගලන්තය) සහ ක්‍රිස් ගැෆනි (නවසීලන්තය)
තරග තීරක
රිචී රිචඩ්සන් (බ.ඉ.කොදෙව්)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.