Last Update  :  2024-12-18 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු රඳවාගනී
ගැබා ටෙස්ට් තරගය

ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු රඳවාගනී

editorial - 2024 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වර්ෂාව හේතුවෙන් නැවැත්වීම් සහ ආරම්භ කිරීම් 8 කින් සමන්විත වූ දිනයකදී ඕස්ට්‍රේලියානුවෝ තමන්ගේ බලාපොරොත්තු සුරැකිව රැකගත්හ. බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (16 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දියානුවෝ සිය පළමු ඉනිමේදී ලකුණු 54 කට කඩුලු 4 ක් අහිමි කරගෙන තිබිණ. 

තරගයේ පළමු දිනයේදීත් වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර යැවිය හැකිවූයේ ඕවර 13 කි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 445 ක් ලබාගත් හෙයින් අද සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දියාවට වඩා ලකුණු 394 ක් ඉදිරියෙන් සිටියේය. 

වර්ෂාව නිසා අද දිනයේදී යැවිය හැකිවූයේ ඕවර 33.1 ක් පමණි. කෙසේ වෙතත් තරගයේ ඉතිරි දින දෙකේදීත් වර්ෂාව ඇතිවන බව කාලගුණ විද්‍යාඥයෝ කියති. ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් (නොදැවී 33) සහ මෙම තරගයේදී අංක 6 ස්ථානයෙන් පිටියට පිවිසි නායක රෝහිත් ෂර්මා (නොදැවී 00) කඩුල්ලේ රැඳී සිටිති.

ඉන්දියානුවන්ගේ මූලික ඉලක්කය වන්නේ ලකුණු 246 ක් ලබාගනිමින් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අසීරුතාවෙන් ගැලවීමයි. එසේ කළහොත් තරගය ජය පරාජයකින් තොරව අවසන් කරගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් ඉන්දියානුවන්ට තබාගත හැකිය. 

ඉරිදා (15 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 7 කට ලකුණු 405 ක් ලබා සිටි ඕස්ටේ්‍රලියානු පිලට අද පෙරවරුවේදී තවත් ලකුණු 40 ක් එකතු කෙරිණ. පැට් කමින්ස් දවාගැනීමත් සමගම ජස්ප්‍රීට් බුම්රා ඕස්ට්‍රේලියාවේදී දවාගත් 50 වැනි ටෙස්ට් කඩුල්ල සම්පූර්ණ කළේය. 

මිචෙල් ස්ටාක්, ජොස් හේසල්වුඩ් සහ පැට් කමින්ස් යන ඕස්ටේ්‍රලියානු වේග පන්දු යවන්නන් තිදෙනාම අඩි 6 අඟල් 5 ට වැඩි උස ක්‍රීඩකයෝ වෙති. ගැබා තණතීරුවේදී තමන්ගේ උස මැනවින් ප්‍රයෝජනයට ගත් මේ පන්දු යවන්නෝ තිදෙනා ඉන්දීය පිතිකරුවන් පිටියට පිවිසෙන සෑම අවස්ථාවකදීම පාහේ ඔවුන්ට මහත් හිසරදයක් වූහ. පන්දුවේ දෝලනය උපරිමයෙන් උකහාගත් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෝ වරින් වර ඉතාමත් භයානක ලෙසින් පන්දුව ඉහළ නැංවූහ. 

 

ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 445
(උස්මන් කවාජා නොදැවී 21, මානස් ලැබුෂේන් 12, ස්ටීවන් ස්මිත් 101, ට්‍රැවිස් හෙඩ් 152, ඇලෙක්ස් කේරි 70, පැට් කමින්ස් 20, මිචෙල් ස්ටාක් 18, ජස්ප්‍රීට් බුම්රා 76/6, මොහොමඩ් සිරාජ් 97/2)
ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 4 ට 51 යි
(ලෝකේෂ් රාහුල් නොදැවී 33, මිචෙල් ස්ටාක් 25/2)

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු රඳවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.