Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (6 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 29 ක් ලබා සිටියේය.
ඒ අනුව ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 9 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 55 ක් ඉදිරියෙන් සිටින අතර තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට උස්මාන් කවාජා ලකුණු 20 ක්ද, මානස් ලැබුෂේන් ලකුණු 7 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 237 කට සීමා කිරීමට පැට් කමින්ස් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කමින්ස් ලකුණු 91 කට කඩුලු 6 ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් දුන් මිචෙල් ස්ටාක් ලකුණු 52 කට කඩුලු 2 ක් දවාගත්තේය.
එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක බෙන් ස්ටෝක්ස් හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 80 ක් රැස්කළේය. නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මාක් වුඩ් පන්දු 8 කින් ලකුණු 24 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 263
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 237
(සැක් ක්‍රොව්ලි 33, ජෝ රූට් 19, බෙන් ස්ටෝක්ස් 80, මුයින් අලී 21, මාක් වුඩ් 24, පැට් කමින්ස් 91/6, මිචෙල් ස්ටාක් 59/2)
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 29
(උස්මාන් කවාජා නොදැවී 20)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.