Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්
මෙල්බර්න් ටෙස්ට් තරගය

ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්

editorial - 2022 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිමකින් සහ ලකුණු 182 කින් දකුණු අප්‍රිකානුවන් පරාජය කළ ඕස්ට්‍රේලියානුවෝ, තරග 3 කින් සමන්විත තරගාවලියේ ජය කල්වේලා ඇතිවම අත්පත් කරගත්හ. බ්‍රිස්බේන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයත් කඩුලු 6 කින් ජයැනීමට සමත් වූ ඕස්ට්‍රේලියානුවෝ මේ වන විට 2-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටිති.  

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 386 ක අභියෝගයකට මුහුණ දුන් දකුණු අප්‍රිකානුවන්ට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 204 ක් පමණි.
දකුණු අප්‍රිකානුවන්ගේ මෙවර ඕස්ට්‍රේලියානු සංචාරය ඉතාමත් අභාග්‍යසම්පන්න තත්ත්වයට පත්ව තිබෙන්නකි.

බ්‍රිස්බේන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දින දෙකක් ඇතුළතදී පරාජය වූ දකුණු අප්‍රිකානුවෝ, මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලකුණු 189 කට සහ 204 කට දැවී ගියහ.

ඔවුනට යන්තම් හෝ සායම බේරාගැනීමට ඉතිරිව ඇත්තේ සිඩිනි ටෙස්ට් තරගය පමණි.

තරගයේ සිව්වැනි දිනය වූ අද (29 වැනිදා) කඩුල්ලක් දැවී ලකුණු 15 ක් ලබා සිටිමින් ක්‍රීඩාව ආරම්භ කළ දකුණු අප්‍රිකාව, දිවා ආහාරයට පෙරම තවත් කඩුලු 3 ක් අහිමි කරගත්තේය.

වරෙක කඩුලු 5 කට ලකුණු 144 ක් ලබා සිටියද, මාකෝ ජැන්සන් දැවීයාමෙන් පසුව, ලකුණු 60 ක් ඇතුළතදී අවසන් පිතිකරුවෝ පස්දෙනාම දැවී ගියහ. ටෙම්බා බවුමා ලකුණු 65 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවෝ සටනකින් තොරවම යටත් වූහ.

මේ අතරවාරයේදී පන්දු යවන්නාගේ අන්තයේ සිටි තියුනිස් ඩි’බෘයින් අසම්මත වාසියක් ගනිමින්, පන්දු යවන්නා දිව එද්දී, තම සීමා ඉරෙන් ඉදිරියට ගියද මන්කාඩ් ක්‍රමයට පිතිකරුවා දවාගැනීමට මිචෙල් ස්ටාක් උනන්දු නොවීය. ඒ වෙනුවට “සීමාවේ ඉඳපන්.... ඒක අමාරු දෙයක් නෙමේ” යයි පිතිකරුවාට අවවාද කරමින් ස්ටාක් නැවතත් තමන්ගේ සීමාවට ගියේය.

“මට මගේ කකුළ ඉරෙන් පිටිපස්සේ තියාගන්න පුළුවන් නම්, එයාට එයාගේ පිත්ත ඉරෙන් පිටිපස්සේ තියාගන්න බැරි ඇයි” සිසිල් පැන් විරාමයේදී මිචෙල් ස්ටාක් ‘ෆොක්ස් ක්‍රිකට්’ සේවයට කීවේය.

අවසානයේදී, ස්කොට් බෝලන්ඩ්ගේ පන්දුවක් හමුවේ දෙවැනි ස්ලිප්හි සිටි ස්ටීවන් ස්මිත්ට උඩපන්දුවක් දුන් තියුනිස් ඩි’බෘයින් ලකුණු 28 කට දැවී ගියේය. එය ස්ටීවන් ස්මිත්ගේ 150 වැනි ටෙස්ට් උඩපන්දුව ද විය. ටෙස්ට් පිටියේ වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයන් අතර ස්මිත් 14 වැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දීය ක්‍රීඩක රාහුල් ද්‍රාවිඩ් (210) එම ලයිස්තුවේ පෙරමුණ ගෙන සිටී.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 189 යි
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 8 ට 575 යි

(ඩේවිඩ් වෝනර් 200, මානස් ලැබුෂේන් 14, ස්ටීවන් ස්මිත් 85, ට්‍රැවිස් හෙඩ් 51, කැමරන් ග්‍රීන් නොදැවී 51, ඇලෙක්ස් කේරි 111, නේතන් ලයන් 25, මිචෙල් ස්ටාක් නොදැවී 10, කගීසෝ රබාඩා 144/2, ඇන්රික් නොකියා 92/3)
දකුණු අප්‍රිකාව - 204 යි
(සාර් අර්වි 21, තියුනිස් ඩි’බෘයින් 28, ටෙම්බා බවුමා 65, කයිල් ව’ර්රීන් 33, කේෂව් මහාරාජ් 13, ලුන්ගි න්’ගිඩි 19, ස්කොට් බෝලන්ඩ් 49/2, නේතන් ලයන් 58/3)

 

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.