Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාවට ලකුණු 28 ක ජයක්
විස්සයි-20 ලෝක කුසලාන

ඕස්ට්‍රේලියාවට ලකුණු 28 ක ජයක්

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර ඇන්ටිගාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පෙරේදා (22 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට ඕස්‍ට්‍රේලියාව සමත් විය. මෙවර තරගාවලියේදී ඕස්ට්‍රේලියාව පිට පිටම ලැබූ  5 වැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 141 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 11.2 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 100 ක් ලබා සිටියේය. ඒ වන විය ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 53 ක් රැස්කර තිබිණ. ට්‍රැවීස් හෙඩ් පන්දු 21 කින් ලකුණු 31 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට නායක නායක පැට් කමින්ස් ‍ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්‍ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 140 ක් පමණි. එහිදී කමින්ස් ලකුණු 29 කට කඩුලු දෙකක් දවාගත් අතර ඇඩම් සම්පා ලකුණු 24 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක නජ්මුල් හොසේන් පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 41 ක් රැස්කළේය. සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 150 සීමාව ආසන්නයට ගෙන යෑම සඳහා නජ්මුල්ට අනගි සහායක් දුන් තව්හිද් රිඩෝයි පන්දු 28 කින් ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 140     
(ලිටන් දාස් 16, නජ්මුල් හොසේන් 41, තව්හිද් රිඩෝයි 40, පැට් කමින්ස් 29/3, ඇඩම් සම්පා 24/2)

ඕස්ට්‍ර්ලියාව - ඕවර 11.2 කදී කඩුලු 2 ක් දැවී 100  
(ඩේවිඩ් වෝනර් නොදැවී 53, ට්‍රැවීස් හෙඩ් 31)


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ලකුණු 28 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.