Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාවට සැනසුම් සහගත ජයක්

ඕස්ට්‍රේලියාවට සැනසුම් සහගත ජයක්

editorial - 2023 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය කණ්ඩායමට එරෙහිව රාජ්කෝට්හිදී ඊයේ (27 වැනිදා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 66 ක සැනසුම් සහගත ජයක් වාර්තා කිරීමට ඕස්ටේ්‍රලියාව සමත් විය. මෙම තරගය ජයගත්තද, මුල් තරග දෙක පරාජයට පත්ව තිබීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ජය 2-1 ක් ලෙස ඉන්දියාව සතුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 353 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 286 ක් පමණි. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 40 කට කඩුලු 4 ක්ද, ජොෂ් හෙසල්වුඩ් ලකුණු 42 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක රෝහිත් ශර්මා පන්දු 57 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 81 ක් ලබාගත් අතර විරාට් කෝලි පන්දු 61 කින් ලකුණු 56 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. ශ්‍රෙයාස් අයියර් ලකුණු 48 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 352 ක් ලබාගත් අතර එහිදී මුල් පිතිකරුවන් සිවුදෙනාම අර්ධ ශතක ලබාගනිමින් සිය කණ්ඩායම ප්‍රභල තත්වයකට ඔසවා තැබූහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ මිචෙල් මාෂ් පන්දු 84 කින් ලකුණු 96 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමගිනි.

ඕස්ටේ්‍රලියාවට වේගවත් ආරම්භයක් ලබාදුන් ඩේවිඩ් වෝනර් පන්දු 34 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය. ස්ටීවන් ස්මිත් පන්දු 61 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 74 ක්ද, මානස් ලැබුෂේන් පන්දු 58 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 72 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 352
(ඩේවිඩ් වෝනර් 56, මිචෙල් මාෂ් 96, ස්ටීවන් ස්මිත් 74, මානස් ලැබුෂේන් 72, පැට් කමින්ස් නොදැවී 19, ජස්ප්‍රීට් බුම්රා 81/3, කුල්දීප් යාදව් 48/2)

ඉන්දියාව - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 286  
(රෝහිත් ශර්මා 81, විරාට් කෝලි 56, ශ්‍රෙයාස් අයියර් 48, ලෝකේෂ් රාහුල් 26, රවින්ද්‍ර ජදේජා 35, ග්ලේන් මැක්ස්වෙල් 40/4, ජොෂ් හෙසල්වුඩ් 42/2)

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට සැනසුම් සහගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.