Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරග පහකින් සමන්විත අළු බඳුන තරගාවලියේ පළමු තරග 4 ම පරාජය වීමෙන් පසුව, අවසන් තරගයේදී හෝ ගෞරවය රැකගැනීම පිළිබඳව එංගලන්තය තැබූ බලාපොරොත්තු සුළෙග් පාකර යැවීමට සූදානම් වන ඕස්ටේ‍්‍රලියානුවෝ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (4 වැනිදා) දිනය නිමා වන විට සිය ප‍්‍රතිවදීන්ට වඩා ලකුණු 311 කින් පෙරමුණ ගත්හ.
ඒ වන විටත් කඩුලූ 6 ක් අතැතිව සිටි ඕස්ටේ‍්‍රලියානු පිල මෙම ප‍්‍රබල තත්ත්වය ඇතිකරගෙන සිටින්නේ තරගයේ සම්පූර්ණ දින තුනක්ම ඉතිරිව තිබියදීය.
තේ පානයට පොරතුව එංගලන්ත මුල් ඉනිම ලකුණු 155 කට සීමා කරමින් පළමු ඉනිමේදී ලකුණු 171 ක වාසියක් අත්කරගත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම දිනයේ ඉතිරි ඕවර 30 දී කඩුලූ 4 ක් දැවී ලකුණු 140 ක් ලබාගත්තේ ඕවරයකට ලකුණු 4.66 ට වැඩි වේගයක් පවත්වා ගනිමිනි. ටෙස්ට් තරග වලදී ඕවරයකට ලකුණු 4.00 ඉක්මවා යන වේගයක් පවත්වා ගැනීම හිටපු නායක ස්ටීවන් වෝ සමයේ සිටම ඕස්ටේ‍්‍රලියානු උපක‍්‍රමයකි.
මේ අතරවාරයේදී පන්දු 89 කින් ලකුණු 73 ක් ලබාගත් ආරම්භක පිතිකරු කි‍්‍රස් රොජර්ස් තම ශතකය කරා යමින් සිටී. රොජර්ස්ගේ ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් වී තිබේ.
අද දිවා ආහාරය වන විට එංගලන්ත පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් සිවු දෙනකු ලකුණු 23 ක් තුළදී ආපසු කී‍්‍රඩාගාරයට යවා සිටි ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ දිවා ආහාරයෙන් පසුව ඉතිරි කඩුලූ පහම ලකුණු 93 කට දවාගැනීමට සමත් වූහ.
ද`ග පන්දු යවන්නන්ගේ පරාදීසයක් වන සිඞ්නි පිටියේදී වමතින් පා දග පන්දු යවන්නා වන නේතන් ලයන් ලබාගත්තේ එකම කඩුල්ලකි. එංගලන්ත පිලේ ඉතිරි කඩුලූ 9 ම වේග පන්දු යවන්නන් වන රයාන් හැරිස්, මිචෙල් ජොන්සන් සහ පීටර් සිඞ්ල් තිදෙනා සමසේ බෙදාගත්හ.
කඩුලූ 5 ක් ලකුණු 23 කට දැවී අසරණ වී සිටි එංගලන්ත පිලේ පිහිටට පැමිණි බෙන් ස්ටෝක්ස් (47) සහ කෝඩුකාර ගැරී බැලන්ස් (නොදැවී 18) දිවා ආහාරය වන විට ලකුණු සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ දැමූ නමුත් දිවා ආහාරයෙන් පසුව ගැරී බැලන්ස් දැවී යාමත් සමගම පැමිණි පසුපෙළ පිතිකරුවෝ ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ගේ පහසු ගොදුරු බවට පත්වූහ.
නායක ඇලිස්ටෙයාර් කුක් (7), මුරකරු පිතිකරු ජේම්ස් ඇන්ඩසන් (7), කෙවින් පීටර්සන් (3) සහ ඉයන් බෙල් (2) අද උදෑසන අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියහ.
කඩුල්ල තුළට ඇදී ආ රයාන් හැරිස්ගේ පන්දුවක් නිසි පරිදි වටහා නොගත් ඇලිස්ටෙයාර් කුක් ඊට සිය පා ආවරණය දැමීම නිසා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
දිවා ආහාරයෙන් පසුව කඩුල්ලේ ඉතිරිවූයේ නවකයන් දෙදෙනකු වන අතර එංගලන්ත පිල දැන් මුහුණ දී සිටින තත්ත්වය අනුව ඕස්ටේ‍්‍රලියානුවන්ගේ අපේක්‍ෂාව වන 5-0 ක තරගාවලි ජය ලබා ගැනීමේ මාවතට ඕස්ටේ‍්‍රලියානුවෝ අවතීර්ණ වී සිටිති.
ඕස්ටේ‍්‍රලියානු පිල මෙම තරගයෙන්ද ජයගතහොත් ශතවර්ශයකට වැඩි ඉතිහාසයක් හිමි අළු බඳුන තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානුවන් සතුවන තුන්වැනි 5-0 ක ජයග‍්‍රහණය මෙය වනු ඇත.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 326
එංගලන්තය - පළමු ඉනිම 155
(ගැරී බැලන්ස් 18, බෙන් ස්ටෝක්ස් 47, ජොනී බෙයාර්ස්ටෝ 18, ස්ටුවර්ට් බ්‍රෝඞ් නොදැවී 30, රයාන් හැරිස් 36/3, මිචෙල් ජොන්සන් 33/3, පීටර් සිඞ්ල් 23/3)
ඕස්ටේ‍්‍රලියා - දෙවැනි ඉනිම කඩුලූ 4 ට 140
(කි‍්‍රස් රොජර්ස් නොදැවී 73, ඬේවිඞ් වෝනර් 16, ජොර්ජ් බේලි නොදැවී 20, ජේම්ස් ඇන්ඩසන් 36/2, ස්ටුවර්ට් බ්‍රෝඞ් 26/1, බෙන් ස්ටෝක්ස් 36/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.