Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියානුවෝ පෙරමුණ ගනිති

ඕස්ටේ‍්‍රලියානුවෝ පෙරමුණ ගනිති

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණූ අපි‍්‍රකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර ඩර්බන්හිදී පැවති දෙවැනි වි:20 කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 5 ක පහසු ජයක් අත්කරගත්  ඕස්ටේ‍්‍රලියාව, තරග 3 කින් සමන්විතවූ තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. මෙහි පළමු තරගය වර්ෂාව නිසා අතැරදැමීමට සිදුවිය.

දෙවැනි තරගයේදීත් වර්ෂාව නිසා ඉනිමක්  ඕවර 7 කට සීමාවූ අතර ජයග‍්‍රහණය සඳහා ලකුණු 81 ක ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ කඩුල 5 ක් දැවී, පන්දු 2 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාලීමට සමත්වූහ. පන්දු 8 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 21 ක් රැස්කළ බැඞ් හොජ් තරගයේ වීරයා බවට පත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ  ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් පන්දු 16 කදී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. තමන් යැවූ  ඕවරයේදී කඩුලූ 2 ක් දවාගැනීමට ජේ. පී. ඩුමිනි සමත්වූ අතර ඔහු එම  ඕවරයේදී ප‍්‍රතිවාදීන්ට දී තිබුණේ ලකුණු 5 ක් පමණි.

කාසියේ වාසිය දිනූ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායෙම් නායක ජෝජ් බේලි පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණූ අපි‍්‍රකා කණ්ඩායමට ආරාධනා කළ අතර  ඕවර 7 අවසානයේදී දකුණු අපි‍්‍රකානුවෝ කඩුල්ලක් දැවී ලකුණු 80 ක් රැස්කළහ. එහිදී දෙවැනි කඩුල්ල සඳහා පන්දු 31 කදී ලකුණු 74 ක නොබිඳුණ සම්බන්ධතාවක් පිහිටුවීමට ක්වින්ටින් ඩි කොක් (41) සහ ෆෆ් ඩුප්ලෙසී (27) සමත්වූහ.

ක්වින්ටින් ඩි කොක්ට එම ලකුණු 41 ක රැස්කිරීම සඳහා මුහුණ දුන්නේ පන්දු 20 ක් පමණි. ඊට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත කිරීමට ඔහු සමත්විය.

දකුණූ අපි‍්‍රකාව -  ඕවර 7 කදී එක් කඩුල්ලකට 80
(ක්වින්ටින් ඩි කොක් 41, ෆෆ් ඩුප්ලෙසී 27)

ඕස්ටේ‍්‍රලියාව -  ඕවර 6.4 කදී කඩුලූ 5 කට 81
(ඬේවිඞ් වෝනර් 40, බැඞ් හොජ් 21, ජේ. පී. ඩුමිනි 5/2)

036


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානුවෝ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.