Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි 20 ලොක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව බංග්ලාදේශයේ මීර්පූර්හිදී පැවති 2 වැනි කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව්ව අද (28) සමත්විය.
පන්දු 13 කදී හයේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් වේගවත් ලකුණු 34 ක් රැස්කළ ඩැරන් සැමී තරගයේ වීරයා බවට පත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකරයෑමට සමත්වූ අතර පස්වැනි කඩුල්ල සඳහා පන්දු 19 කදී ලකුණු 49 ක නොබිදුණ සම්බන්ධයක් ගොඩනැගූ නායක ඩැරන් සැමී සහ ඞ්වේන් බ‍්‍රාවෝ (නොදැවී 27) එක්ව තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
පන්දු 35 කට මුහුණදුන් කි‍්‍රස් ගේල් ඉන් ලකුණු 53 ක් උදුරාගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියා පිල ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 178 ලබාගත්තේය.
ඕවර 6 ක් තුළදී ලකුණු 41 කට ඕස්ටේ‍්‍රලියා පිල පළමු කඩුලූ 3 දැවීගිය අතර ඉන් පසුව පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් වේගවත් පිතිහරඹයක නිතර වෙමින් පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 සමගින් ලකුණු 45 ක් රැස්කළේය.
පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 35 ක් රැස්කළ බ‍්‍රැඞ් හැඞ්න්, තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා මැක්ස්වෙල්ට අගනා සහයක් දුන්නේය.
අද දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ සාර්ථකම පන්දුයවන්නා බවට පත්වූ සුනිල් නරේන් ඕවර 4 ක් යවා ලකුණු 19 කට කඩුලූ 2 ක් දවාගැනීමට සමත්විය.
මෙම ජයග‍්‍රහණයත් සමග බටහිර ඉන්දීය කොදෙව් පිල තමන් සහභාගී වූ තරග තුනෙන් තරගය 2 ක් ජයගෙන, ප‍්‍රසාද ලකුණු 4 ක් සමගින් 2 වැනි කාණ්ඩයේ පෙරමුණට පැමිණි අතර තමන් සහභාගී වූ තරග 2 න්ම පරාජයට පත්වූ ඕස්ටේ‍්‍රලියා පිල 2 වැනි කාණ්ඩයේ සිව්වැනි ස්ථානයට පත්විය.
ඕස්ටේ‍්‍රලියා පිල - ඕවර 20 කදී කඩුලූ 8 කට 178
(ඬේවිඞ් වෝනර් 20, ඒරන් ෆින්ච් 16, ග්ලේන් මැක්ස්වෙල් 45, බ‍්‍රැඞ් හොජ් 35, බ‍්‍රැඞ් හැඞ්න් නොදැවී 15, සුනිල් නරේන් 19/2, මාලන් සැමුවෙල්ස් 20/2, සැමුවෙල් බද්රි 37/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 19.4 කදී කඩුලූ 4 කට 179
(ඞ්වේන් ස්මිත් 17, කි‍්‍රස් ගේල් 53, ලෙන්ඞ්ල් සිමන්ස් 26, ඩැරන් සැමී නොදැවී 34, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවී 27, මිචෙල් ස්ටාර්ක් 50/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.