Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක විස්සයි20 ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලතම කණ්ඩායමක් වන ඕස්ටේ‍්‍රලියාවට බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීමේ අවස්ථාව අහිමිවිය.
තරගාවලියේ ‘සුපිරි දහය’ වටයේ දෙවැනි කාණ්ඩයේ අද (30) පැවැති තීරණාත්මක තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ලකුණු 73 ක පරාජයක් ලැබීමත් සමග අවසන් පූර්ව බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
ඕස්ටේ‍්‍රලියාව පළමු වටයේ මේ දක්වා සහභාගි වූ තරග තුනම පරාජයට පත්වූ අතර බංග්ලාදේශයට එරෙහිව අනිද්දා (01) පැවැත්වෙන සිවුවැනි තරගයෙන් ජය ලැබුව ද අවසන් පූර්ව තරගයට පැමිණිමේ අවස්ථාව නොමැත.
ඉන්දියාව තරග හතරම ජය ලබා අපරාජිතව දෙවැනි කාණ්ඩයේ පළමු කණ්ඩායම ලෙස අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටියි.
සුවරාජ් සිං පන්දු 43 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 60 ක් රැුස්කරමින් ඉන්දීය පිල ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක ජෝජ් බේලි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ඉන්දීය පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 159 (අජින්කයා රහනේ 19, විරාට් කෝලි 23, යුවරාජ් සිං 60, මහේන්ද්‍ර සිං දෝනි 24)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 16.2 කදී සියලූ දෙනා දැවී (ඬේවිඞ් වෝනර් 19, ග්ලේන් මැක්ස්වෙල් 23, බ‍්‍රැඞ් හොජ් 13, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 11/4, අමිට් මිෂ්රා 13/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.