Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 4 කට ලකුණු 221

ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 4 කට ලකුණු 221

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර  ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (18 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි  ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියේය.

තරගය නතර කරන විට කඩුල්ලේ රැුදී සිටි නායක ස්ටීවන් ස්මිත්, හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 65 ක් ලබා සිටි අතර මිචෙල් මාෂ් නොදැවී ලකුණු 7 ක් ලබා සිටියේය.

ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරු ක‍්‍රිස් රොජ්ර්ස් හතරේ පහර 10 ක් සමගින් ලකුණු 55 ක් ලබාසිටියදී උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඊයේ (17 වැනිදා) තරගය නිමා වනවිට කඩුලූ 4 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටි ඉන්දීය පිලේ පළමු ඉනිම ලකුණු 408 කට සීමා විය.

එහිදී ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු මුරලි විජේ, පස්වැනි ටෙස්ට් ශතකය (144) රැස්කරමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 22 ක් ඇතුළත් විය.

අද දිනයේදී ඉන්දීය පිලේ අවසන් කඩුලූ 6, ලකුණු 97 ක් තුළ දවා ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොෂ් හෙසල්වුඞ් ලකුණු 68 කට කඩුලූ 5 ක් දවාගනිමින් ඉන්දීය ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ලකුණු 105 කට කඩුලූ 3 ක් දවාගත් නේදන් ලයන්, ඔහුට අගනා සහයක් දුන්නේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය පිල තීරණය කළේය.

ඉන්දියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 408  
(මුරලි විජේ 144, ශිකර් ධවාන් 24, චෙතේෂ්වර් පුජාරා, 18, විරාත් කෝලි 19, අජින්ක්‍යා රහනේ 81, රෝහිත් ශර්මා 32, මහේන්ද්‍ර සිං දෝනි 33, රවිචන්ද්‍රන් අෂ්වින් 35, ජොෂ් හෙසල්වුඞ් 68/5, නේදන් ලයන් 105/3)

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - කඩුලූ 4 ක් දැවී 221
(ක‍්‍රිස් රොජ්ර්ස් 55, ඬේවිඞ් වෝනර් 29, ෂේන් වොට්සන් 25, ස්ටීවන් ස්මිත් නොදැවී 65, ෂෝන් මාෂ් 32, උමේෂ් යාදව් 48/3)
 
036


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 4 කට ලකුණු 221

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.