Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 40 වැනි තරගය ලෙස ඕස්ටේ‍්‍රලියාව සහ ස්කොට්ලන්ය අතර හෝබාට්හිදී අද (14) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 7 ක ජයක් ලැබූ ඕස්ටේ‍්‍රලියානු පිල (ප‍්‍රසාද ලකුණු 9* එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණීමට පත්විය.
නවසීලන්තය (ප‍්‍රසාද ලකුණු 12) අපරාජිතව ‘ඒ’ පළමු ස්ථානය හිමිකර ගත්තේය. ශ‍්‍රී ලංකාව (ප‍්‍රසාද ලකුණු 8) සහ බංග්ලාදේශය (ප‍්‍රසාද ලකුණු 7) පිළිවෙළින් තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්විය.
ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ ලකුණු 131 ක ඉලක්කය ඕවර 15.2 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා පැයකට අධික කාලයක් තරගය අත්හිටුවා තැබීමට ද සිදුවිය. ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ස්කොට්ලන්තයට ආරාධනා කළේය.
ස්කොට්ලන්ත පිල ඕවර 25.4 කදී සියලූ දෙනා දැවී 130
(කලූම් මැක්ලා්ඞ් 22, මැට් මචන් 40, ජෝෂ් ඬේවි 26, මයිකල් ලෙයක් නොදැවී 23, මිචෙල් ස්ටාක් 14/4, පැට් කමින්ස් 42/3)
ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 15.2 කදී කඩුලූ 3 ට 133 (මයිකල් ක්ලාක් 47, ඒරන් ෆින්ච් 20, ෂේන් වොට්සන් 24, ජේම්ස් ෆෝක්නර් නොදැවී 16, ඬේවිඞ් වෝනර් නොදැවී 21)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.