Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියාව අවසන් පූර්ව වටයට

ඕස්ටේ‍්‍රලියාව අවසන් පූර්ව වටයට

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස අද (20 වැනිදා) ඇඩිලේඞ්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැති  ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කරගත්  ඕස්ටේ‍්‍රලියානු පිල තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ  ඕවර 33.5 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියහ.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 68 ක නොබිඳුන සම්බන්ධතාවක් ගොඩනැගූ ෂේන් වොට්සන් (නොදැවී 64) සහ ග්ලේන් මැක්ස්වෙල් (නොදැවී 44) එක්ව සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

පන්දු 66 කදී වාර්තා වූ ෂේන් වොට්සන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 29 කදී වාර්තා වූ ග්ලේන් මැක්ස්වෙල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

පන්දු 69 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 65 ක් ලබාගත් ස්ටීවන් ස්මිත්,  ඕස්ටේ‍්‍රලියානු පිලේ ජයග‍්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය  ඕවර 45.5 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 213 ලබාගත්තේය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හැරිස් සොහේල් (41) සහ මිස්බා උල් හක් (34) පාකිස්තාන පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 23 ක් ලබාගැනීමට සහිඞ් අෆ්රිඩි සමත් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොස් හෙසල්වුඞ් ලකුණු 35 කට කඩුලූ 4 ක් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.

ඕස්ටේ‍්‍රලියාව සහභාගී වන අවසන් පුර්ව තරගය ඉන්දියාවට එරෙහිව එළඹෙන 26 වැනිදා සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


පාකිස්තානය -  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 213
(හැරිස් සොහේල් 41, මිස්බා උල් හක් 34, උමාර් අක්මාල් 20, ශොයිබ් මක්සූද් 29, සහිඞ් අෆ්රිඩි 23, වහබ් රියාස් 16, හසන් අදිල් 15, ජොස් හෙසල්වුඞ් 35/4, මිචෙල් ස්ටාක් 40/2, ග්ලේන් මැක්ස්වෙල් 43/2)

ඕස්ටේ‍්‍රලියාව -  ඕවර 33.5 කදී කඩුලූ 4 ක් දැවී 216
(ඬේවිඞ් වෝනර් 24, ස්ටීවන් ස්මිත් 65, ෂේන් වොට්සන් නොදැවී 64, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 44, වහබ් රියාස් 54/2)

 

- 036

 

තරගයේ විශේෂ අවස්ථා ...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි)

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.