Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියානු නාකියෝ පරදවන්න පුළුවන් - ගිලෙස්පි

ඕස්ටේ‍්‍රලියානු නාකියෝ පරදවන්න පුළුවන් - ගිලෙස්පි

ශනුක අරවින්ද - 2015 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයසක කී‍්‍රඩකයන් රැසකික් සමන්විත  ඕස්ටේ‍්‍රලියානු පිල පරාජය කිරීමේ අවස්ථාව එංගලන්තයට ඇතැයි  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ජේසන් ගිලෙස්පි මහතා කියයි.

සිය කීර්තිමත් කි‍්‍රකට් ජීවිතය තුළ කඩුලූ 401 ක් ලැබූ මේ සාඩම්බර ඔස්ටේ‍්‍රලියානුවා යෝක්ෂයර් ප‍්‍රාන්ත පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජය කිරීමේ හැකියාව එංගලන්තයට ඇතැයි ඔහු විශ්වාස කරයි.

එංගලන්ත ජාතික පිලට ඇතුලත්ව සිටින යෝක්ෂයර් සගයන් වන ජෝ රූට්, ලායම් ප්ලන්කට්, අදිල් රෂීඞ්, ගැරී බැලැන්ස්, ජොනී බෙයාර්ස්ටෝ සහ ඇඩම් ලයිත් ගැන ඔහු ආඩම්බරයට පත්ව සිටි.

”මම ඔස්ටේ‍්‍රලියානුවෙක් තමයි....මම කැමැතියි මේ තරගමාලාවේදී මගේ රටේ කණ්ඩායම හොඳින් ක‍්‍රීඩා කරනවා දකින්න. නමුත් මට වැඩියෙන්  ඕනා මගේ යෝක්ෂයර් කොල්ලො ටික අළුබඳුන ටෙස්ට් තරගමාලාවේ හොඳින් ක‍්‍රීඩා කරනවා දකින්නයි” ගිලෙස්පි මහතා කියයි.

”පළමු ටෙස්ට් තරගයේදී  ලයිත් පිටියට බැහැලා ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු සියයකින් ඉනිම වර්ණවත් කරනවා දකින තරම් සතුටක් මට තවත් නෑ......මගේ පරමාර්ථය ඒකයි. මම එය දකින්න ආසයි”

”එංගලන්තය මෙහිදී ඔස්ටේ‍්‍රලියාව අභිබවා යායුතුයි. මිනිත්තුවක් හිතන්න. එයාලට ඉන්නේ අවුරුදු 37ක් වයසැති කඩුලූ රකින්නෙක් (බ‍්‍රැඞ් හැඩින්)”

”ඒ වගේම ඔවුන්ට අවුරුදු 37 ක් වයස ආරම්භක පිතිකරුවෙක් (ඇඩම් වෝග්ස) ඉන්නවා. ඔවුන්ගේ නායකයාගේ (මයිකල් ක්ලාක්) කිසිම කි‍්‍රයාශීලිත්වයක් නෑ. එතකොට රයන් හැරිස්..ඔහුට දැන් අවුරුදු 35ක් වෙනවා. රයාන් විශ්වාසනීයත්වයකින් තොර පන්දු යවන්නෙක්”

”ඔවුන් දැන් වයස්ගතයි. ඒ නිසා ඔවුන්ව හැකි තරම් මහන්සි කරවන්න. ඔවුන්ට පීඩනය ඇතිකරන්න ඔබලාට පුලූවනි.” යයි ජේසන් ගිලෙස්පි මහතා කියයි.

මීට මාස 18 කට පෙර දෙපිල අතර පැවැති ටෙස්ට් තරගමාලාවෙන් එංගලන්තය 5-0 ක පරාජයක් ලැබූවේය. එතැන් පටන් ඔස්ටේ‍්‍රලියානුවන් එංගලන්තයට වඩා ස්ථාන 3 ක් ඉහළින් ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට පත්වී සිටී.

ඉදිරි ටෙස්ට් තරගයකදී මේ යෝක්ෂයර් සගයන් 6 දෙනාට එකට ක‍්‍රීඩා කිරීමට හැකිවුවහොත් එය වසර 100 ක් ඉක්මවන වාර්තාවක් සම කිරීමකි. මීට පෙර එකම ප‍්‍රාන්ත පිලක ක‍්‍රීඩකයන් 6 ක් ජාතික පිල නියෝජනය කළේ 1887 දී සිඞ්නි නුවර පැවැති ටෙස්ට් තරගයේදීය. එවර නොටින්හැම්ෂයර් පිලෙන් ජාතික පිලට ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයන් ගණන ද 6ක් විය.

ශක්තිමත් යෝක්ෂයර් පිලක් යනු නිතරම ශක්තිමත් එංගලන්ත කණ්ඩායමකි. 40 හැවිරිදි ගිලෙස්පි මහතා දරන්නේ එවැනි අදහසකි.

”ඒක හරිම සුන්දර දෙයක්. මං හිතන්නේ ක‍්‍රිකට් ඉතිහාසයට ගිහින් ඒක ඇත්තද කියලා සොයා බැලිය යුතු කාරණයක්.”

”මෙවර අළුබඳුන ටෙස්ට් තරගමාලාව ජයගැනීමට යෝක්ෂයර් සම්භවයක් සහිත ක‍්‍රීඩකයන්ට විශාල දෙයක් කළ හැකි බවට මට කිසිම සැකයක් නෑ.” ගිලෙස්පි මහතා වැඩි දුරටත් කියයි.

”අපේ ප‍්‍රාන්ත පිලේ හැමෝටම එක්ව ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබේවි. ඒක එහෙම වේවිද..? මට පොඩි සැකයකුත් තියෙනවා. ජොනී බෙයාර්ස්ටෝ මේ වසරේ දී ඉතා හොඳින් දස්කම් අතර සිටිනවා. ඒත් පසුගිය අවුරුදු කිහිපය පුරා ඔහු කළේ පිටියට ඇති තරම් වතුර අදින එකයි”

”එයාලා ඔහුට දුන්නේ පොඩි අවස්ථාවක් විතරයි. ඒක ප‍්‍රමාණවත් නැති තරම්. කොල්ලට ඇත්තටම හොඳට කරන්න පුලූවනි. දගපන්දු යවන ක‍්‍රීඩක රෂීඞ්ට ද මීට පෙර ජාතික පිලේ තැනක් ලැබුණේ නැහැ”

”අන්තිමේදී ගේ‍්‍රඒම් ස්වෝන් වෙනුවට රෂීඞ්ට අවස්ථාව ලැබුණා. ඔවුන් රෂීඞ්ව ගන්න තරම් නිර්භීත විය යුතුයි. වැඩිපුර පන්දුව ද`ගකවන පාදග පන්දු යවන්නෙක් ගැනීමේ වැරැුද්ද මොකක්ද..?” ගිලෙස්පි මහතා විමසයි.

”එයාට හොඳින් පන්දුවට පහර දෙන්නත් පුළුවනි. එයා හොඳ ක‍්‍රීඩකයෙක්. පළමු පෙළ තරගවලදී කඩුලූ 350කට වඩා ගත්තු පන්දු යවන්නෙක්.”

එංගලන්ත පිලේ පුහුණුකාරු තනතුර සඳහා ටෙ‍්‍රවර් බේලිස් මහතා සමග තරග කර පරාජයට පත්වූ ගිලෙස්පි මහතා විශ්වාස කරන්නේ යෝක්ෂයර් පිලට මෙන්ම ඔස්ටේ‍්‍රලියානු පිලටත් ක‍්‍රීඩකයන් හඳුනාගැනීමේ ශක්තිමත් දැනුමක් ඇති බවය.

”ඔස්ටේ‍්‍රලියාවත් යෝක්ෂයර් මිනිස්සු වගේම ඉතාම ආඩම්බරකාර ජාතියක්. දෙගොල්ලොම ‘අපි එයාලට එරෙහිව‘ තේමා පාඨය අකුරටම පිළිපදින ජාතියේ අය.”

”මට හිතෙන හැටියට යෝක්ෂයර් පිලෙන් එංගලන්ත පිලට වැඩි වැඩියෙන් ක‍්‍රීඩකයන් හදලා දෙන්න  ඕනා. අපේ ඇකඩමියට නිසැකවම අනිත් ඒවා ඉරිසියා කරනවා ඇත” ගිලෙස්පි මහතා කියයි.

”ඔස්ටේ‍්‍රලියාව මේ තරගමාලාව ආරම්භ කරන්නේ තරගාවලිය ජයගන්න පුළුවන් කණ්ඩායම ලෙසසි. ඔවුන් ශක්තිසම්පන්නව ක‍්‍රීඩා කළොත් පරද්දන්න බැරි තරමට අසීරු වේවි. නමුත් එංගලන්තය ධනාත්මක ආකල්පයෙන් සෙල්ලම් කළොත් ඔවුන්ට අවස්ථාවක් තියෙනවා. තමන්ගේ රටේ ක‍්‍රීඩා කිරීමේ වාසියත් හරිම වැදගත් දෙයක්.” යයිද ගිලෙස්පි මහතා කියයි.

- අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා ඇසුරිනි.


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානු නාකියෝ පරදවන්න පුළුවන් - ගිලෙස්පි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.