Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිවුවැනි ඉනිමේදී ලකුණු 561 ක ඉලක්කයක් කරා අසීරු ගමනක් ගිය එංගලන්ත පිල ලකුණු 179 කට දවාගනිමින් බි‍්‍රස්බේන්හිදී පැවැති පළමු ‘අළු බඳුන’ ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (24 වැනිදා) ලකුණු 381 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් විය.
වර්ෂාව නිසා අද දිවා ආහාරයට පසුව තරගය නතර කිරීමට විනිසුරුවන් වූ කුමාර් ධර්මසේන සහ අලීම් දාර් යන මහත්වරු තීරණය කළහ. එහෙත් වර්ෂාවෙන් පසුව එංගලන්ත පිලේ ඉතිරි කඩුලූ හයම ලකුණු 37 ක් තුළදී දවාගනිමින් දිනයක් ඉතිරිව තිබියදීම ඕස්ටේ‍්‍රලියානුවෝ ජයගත්හ.
තරගය පුරාම පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද විශිෂ්ට දස්කම් දැක්වූ මිචෙල් ජොන්සන් දෙවැනි ඉනිමේදීත් ලකුණු 42 කට කඩුලූ 5 ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ටෙස්ට් තරග 10 කට පසුව ලබාගත් පළමු ජයග‍්‍රහණය මෙයයි. මීට පෙර ඉන්දියාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය 4-0 ක් ලෙසින් පරාජය වූ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඊට පෙරතුව පැවැති තරගාවලියේදී එංගලන්තය හමුවේ 3-0 කින් පරාජය විය.
ඕස්ටේ‍්‍රලියානුවන් අළු බඳුන තරගාවලියේ තරග 8 කට පසුව ලබාගත් පළමු ජයග‍්‍රහණයද මෙයයි. ඕස්ටේ‍්‍රලියානු පිලේ අවසන් අළු බඳුන ජයග‍්‍රහණය වූයේ වසර 2010 දී පර්ත් නුවරදී ලබාගත් ජයග‍්‍රහණයයි.
”අප සම්බන්ධයෙන් පසුගිය කාලයේ කෙරුණු විවේචන වලට සාධාරණ පිළිතුරක් දීමට කණ්ඩායමක් වශයෙන් අප සමත් වුණා”
”මේ ජයග‍්‍රහණය අපට ඉතාමත් වැදගත්. එය තරගාවලිය සඳහා විශිෂ්ට ආරම්භයක්” යයිද ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පැවසීය.
කෙසේ වෙතත් එංගලන්ත නායකයා පවසන්නේ මෙය තවත් එක් පරාජයක් පමණක් බවත් තරග 5 කින් සමන්විත තරගාවලිය සටනක් දීමට තවත් කාලය ඉතිරි වී තිබෙන බවත්ය.
”මේක ලේසියෙන් අරින්න බෑ. ඔහු මේ තරගයේදී අපට කළේ බරපතළ හානියක්. ඊළග තරගයේදී අපි අපේ හැකියාව ඔහුට පෙන්වනවා” යයි මිචෙල් ජොන්සන්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් ඇලිස්ටෙයාර් කුක් පැවසීය. සෙනසුරාදා තරගය නතර කිරීමෙන් පසු බි‍්‍රස්බේන් කී‍්‍රඩාංගණයට ධාරණිපාත වර්ෂාවක් ඇදවැටුණද ලකුණු 24 කට කඩුලූ 2 ක් දැවී තිබියදී අද පෙරවරුවෙදී කී‍්‍රඩාව ආරම්භ කරන විට වැසි වළාකුළක ලකුණක් හෝ නොතිබිණ. උදෑසනම මිචෙල් ජොන්සන්ගේ සේවය ලබා නොගැනීමට මයිකල් ක්ලාක් තීරණය කිරීමත් සමගම උදේ වරුවේ පැයක පමණ කාලයක් එංගලන්ත පිතිකරුවෝ කිසිදු අපහසුතාවකින් තොරව ලකුණු ලබාගත්හ.
දිවා ආහාරයෙන් පසුව මිචෙල් ජොන්සන්ගේ පන්දුවකට පීටර්සන් ගැසීමට ගිය හුක් පහරක් පහර වැරදී යාම නිසා අතිරේක කී‍්‍රඩක කි‍්‍රස් සැබර්ජ්ට පහසු උඩපන්දවක් ලැබිණ. පීටර්සන් පළපුදුරු පිතිකරුවකු වන නමුත් එම පහර නිසා තමාගේ 100 වැනි ටෙස්ට් තරගයේදී මතක හිටින ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට තිබූ අවස්ථාව ඔහු විසිකර දැම්මේය.
එංගලන්තයට තරගය බේරා ගැනීමට තිබූ සියුම් බලාපොරොත්තුවක් ගිළිහී ගියේ කෙවින් පීටර්සන්ගේ දැවී යාමෙනි. එංගලන්තය වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ ඇලිස්ටෙයාර් කුක් ලකුණු 65 කට දැවී යාමෙන් විනාඩි 45 ක් ඇතුළතදී ලකුණු පුවරුව කඩුලූ 4 ට 142 සිට කඩුලූ 8 කට 160 දක්වා වෙනස් විය.
තරගය පස්වැනි දිනයටත් යාවි දෝ යන සැකය ඉතිරිව තිබුණ නමුත් අවසන් කඩුලූ දෙක දවාගත් ජොන්සන් සහ හැරිස් දෙදෙනා ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ට සාදයක් දැමීමට දිනයක් ඉතිරි කරගත්හ.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 295
එංගලන්තය - පළමු ඉනිම 136
ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම කඩුලූ 7 ක් දැවී 401
(කි‍්‍රස් රොජර්ස් 16, ඬේවිඞ් වෝනර් 124, මයිකල් ක්ලාක් 113, ජෝර්ජ් බේලි 34, බ‍්‍රැඞ් හැඩින් 53, මයිකල් ජොන්සන් නොදැවී 39, කි‍්‍රස් බ්‍රෝඞ් 55/2, ටිම් ටේරම්ලට් 69/3, ගේ‍්‍රඒම් ස්වෝන් 135/2,
එංගලන්තය -දෙවැනි ඉනිම 179
(ඇලිස්ටෙයාර් කුක් 65, කෙවින් පීටර්සන් 26, ඉයන් බෙල් 32, ජෝ රූට් නොදැවී 26, රයාන් හැරිස් 49/2, මයිකල් ජොන්සන් 42/5, පීටර් සිඞ්ල් 25/1, නේතන් ලයන් 46/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.