Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 218 ක ජයක්

ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 218 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇඩිලේඞ්හිදී පැවැති දෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයෙන් ලකුණු 218 ක ජයක් ලබාගැනීමට  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ සමත්වූහ. එහිදී එංගලන්ත දෙවැනි ඉනිම වැනසූ පිටර් සිඞ්ල් ලකුණු 57 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්විය.

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (8 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට එංගලන්ත පිල තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 247 ක් ලබා සිටියේය. කඩුලූ රකින කී‍්‍රඩක මැතිව් ප‍්‍රයර් (නොදැවී 31) සහ තුන් ඉරියව් කී‍්‍රඩක ස්ටුවර්ට් බ්‍රෝඞ් (නොදැවී 22) අද (9 වැනිදා) දිනය ආරම්භ වන විට කඩුල්ලේ රැුදී සිටියහ.

පීටර්සන්ගේ දැවී යාමෙන් පසුව එංගලන්තය වෙනුවෙන් හුදෙකළා සටනක නිරතව සිටි ජෝ රූට් ලකුණු 87 කට දවාගැනීමට නේතන් ලයන් සමත්වීමත් සමගම  ඕස්ටේ‍්‍රයානුවන්ට ජයග‍්‍රහණයේ සුවඳ දැණින. පරාජයෙන් ගැලවීමට නම් එංගලන්ත පිලට අද දිනය තුළදී තවත් ලකුණු 284 ක් ලබාගත යුතුව තිබිණ. එහෙත් ඉතිරි කඩුලූ 4 ද  ඕස්ටේ‍්‍රයානුවන්ට පූජාකළ එංගලන්ත පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 65 ක් පමණි.

ජොනතන් ට්‍රොට් කණ්ඩායම හැරයාම නිසා අංක 3 ස්ථානයට පැමිණි ජෝ රූට් සිය කී‍්‍රඩා රටාවෙන් නරඹන්නන් පිනවූ අතරම එංගලන්ත පිලේ අංක 3 ස්ථානය පිළිබඳ ඇති විවාදයද අවසන් කළේය. පැය හතර හමාරකට ආසන්න කාලයක් පිටියේ රැුදෙමින්, හතරේ පහර 9 ක් සහිතව ලකුණු 87 ක් ලබාගත් ජෝ රූට් දවාලමින්  ඕස්ටේ‍්‍රලියානු කඩුලූ රකින්නා වන බ‍්‍රැඞ් හැඩින් රැුකගත්තේ සිය 200 වැනි උඩපන්දුවයි.
දෙවැනි නව පන්දුව ලබාගැනීමත් සමගම එංගලන්ත පිලේ 6 වැනි කඩුල්ලත් දැවී ගිය අතර බෙන් ස්ටෝක්ස් සහ මිචෙල් ජොන්සන් අතර පැවැති උණුසුම් වචන හුවමාරුව නතර කිරීමට විනිසුරු කුමාර් ධර්මසේන මහතාටත් මැදහත් වීමට සිදුවිය. ඊළග පන්දුවේදී ස්ටෝක්ස් දැවී ගියේය.

ඊයේ දිනයේ තේ පානය පෙනෙන තෙක් මානයේ සිටියදී පැයට කිලෝ මීටර 129.8 ක වේගයෙන් ඇදී ගිය පීටර් සිඞ්ල්ගේ පන්දුවක් පීටර්සන්ගේ පිත්තේ පිටත දායේ යාන්තමින් ගෑවී පිට ඉන්න සොයාගියේ පීටර්සන් සහ ජෝ රූට් දෙදෙනා අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 111 කට සීමා කරමිනි.

එයින් මඳ වේලාවකට පසුව ඉයන් බෙල්ගෙන් ලැබුණු උඩපන්දුවක් මිචෙල් ජොන්සන්ගේ දෑත් අතර සැගවී යාමත් සමගම විනිසුරුවරු තේ පානයට තරගය නැවතූහ.

ලකුණු 398 ක මුල් ඉනිමේ වාසියක් තිබියදීත්, දෙවැනි ඉනිම ආරම්භ කළ   ඕස්ටේ‍්‍රලියානුවෝ තුන්වැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 132 ක් ලබාගත්හ. අනතුරුව ජයග‍්‍රහණය සඳහා ලකුණු 531 ක් කරා යන්නැයි අභියෝග කරමින් ඊයේ තරගය ආරම්භ වීමටත් පෙර දෙවැනි ඉනිම අත්හිටවූයේ ඬේවිඞ් වෝනර් ලකුණු 83 ක් ලබා නොදැවී සිටියදීය.

තරමක් වැසිබර තත්ත්වයක් තිබියදී පන්දු යැවීම ආරම්භ කිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵල නෙලා ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු පිල සමත් විය. ජොන්සන් සිය 3 වැනි පන්දුවේදීම එංගලන්ත නායකයා පිටියෙන් ඉවත් කළ අතර  ඕවර 10 කදී තවත් ලකුණු 20 ක් පමණක් ලබාගන්නා අතරේ දෙවැනි කඩුල්ලද බිම වැටිණ.

පළමු ඉනිමේදී ජොන්සන්ගේ අධිවේගී පන්දුවක් කුක්ගේ කඩුල්ලට කඩාවැදුණු අතර ඊයේ පෙරවරුවේදී ජොන්සන් විසින් එවන ලද පන්දුවකට කුක් ගැසූ හුක් පහරකින් ඉහළ ගිය පන්දුව සුරැුකිව රැුකගැනීමට රයාන් හැරිස්ට හැකිවිය.


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 218 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.