Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කඩුලූ 9 ක් රැකගැනීමේ අභියෝගයක්

කඩුලූ 9 ක් රැකගැනීමේ අභියෝගයක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

උඩපන්දු අතහැරීමේ ඵලවිපාක ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට නැවත වරක් කදිමට කියා දුන් කේන් විලියම්සන් (නොදැවී 242) සහ බී. ජේ. වොට්ලින් (නොදැවී 142) වෙලින්ටන් නුවර බේසින් රිසව් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී නවසීලන්ත දෙවැනි ඉනිම කඩුලූ 5 ට 524 ක් දක්වා ඉහළ දැමූහ. තරගයේ සිවුවැනි දිනය වන අද (6 වැනිදා) තේ පානයෙන් පසුව ඉනිම නතර කළ නවසීලන්ත කණ්ඩායම අද දිනයේ යැවිය යුතු  ඕවර 17 ක් සහ තරගයේ අවසන් දිනයේ යැවිය යුතු  ඕවර 90 තුළදී හැකිනම් ලකුණු 390 ක් රැස්කරමින් තරගයෙන් ජයගන්නා ලෙසත් නැතහොත් මෙම  ඕවර 107 තුළදී කඩුලූ ආරක්‍ෂා කරගනිමින් පරාජයෙන් ගැලවෙන ලෙසත් ශී‍්‍ර ලංකාපිලට අභියෝග කළේය.

අසීරු අභියෝගක් අබියස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා, ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේ 14 වැනි  ඕවරය දක්වාම හොඳින් පන්දුවට පහර දුන්හ. එහෙත් මාක් ක්‍රෙග්ගේ පළමු  ඕවරයේ දෙවැනි පන්දුවටම අපරික්‍ෂාකාරී පහරක් ගැසූ දිමුත් කරුණාරත්න, මිඞ්  ඕෆ්හි සිටි හමීෂ් රදර්ෆර්ඞ්ට උඩපන්දුවක් දෙමින් ලකුණු 17 කට දැවී ගියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම විපිළිසර කරමිනි.

මුරකරු පිතිකරු ලෙසින් පිටියට පිවිසි ධම්මික ප‍්‍රසාද්ට ඉතිරි  ඕවර තුන හමාරේදී සිය කඩුල්ල රැුකගත හැකිවූ හෙයින් සිවුවැනි දිනය නිමා වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 45 ක් ලබා සිටියේය.

ශී‍්‍ර ලංකා පිල තවමත් නවසීලන්තයට වඩා ලකුණු 345 ක් පසුපසින් සිටින අතර ඔවුන් සතුව ඇත්තේ කඩුලූ 9 ක් පමණි. පරාජයෙන් ගැලවීමට නම් ශී‍්‍ර ලංකා පිල හෙට දිනයේදී  ඕවර 90 කදී ඉතිරි කඩුලූ 9 ආරක්‍ෂා කරගත යුතුය.

අද උදෑසන විලියම්සන් සිය ඉනිමේ තුන්වැනි වරටත් දුන් උඩපන්දුව කඩුලූ රකින ප‍්‍රසන්න  ජයවර්ධන අතින් ගිලිහී යාමෙන් ශී‍්‍ර ලංකා පිලට නැවතත් තරගයට පිවිසීමට තිබූ අවසන් අවස්ථාව ගිළිහී ගියේය. එම උඩපන්දුව රැුකගත්තා නම් ලකුණු 300 දී හයවැනි කඩුල්ල බිඳ වැටෙන අතර හයවැනි කඩුල්ලේ ලකුණු 365 ක සම්බන්ධතාව ලකුණු 224 කින් අඩුවන්නට තිබිණ.

විලියම්සන් සිය  ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය ලබාගත් අතර මිට පෙර ඔහුගේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වූයේ පසුගිය වසරේදී පාකිස්තානු පිලට එරෙහිව සාජා නුවරදී ලබාගත් ලකුණු 192 යි. විලියම්සන් ලකුණු 104ක් ලබා සිටි මොහොතේ ඔහුගේ අත් ආවරණවල වැදී  උඩපන්දුවක් ලෙස පැමිණි රංගන හේරත්ගේ පන්දුව රැුක ගැනීමට කඩුලූ රකින ප‍්‍රසන්න ජයවර්ධන සමත්වූයේ නැත.

එයින් අනගි ප‍්‍රයෝජන ගත් විලියම්සන් තේ පානය වන විට නොදැවී ලකුණු 190 ක් ලබා සිටි අතර තේ පානයෙන් පසුව සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළේය.

විලියම්සන් සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 365 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ බී. ජේ. වොට්ලිං සිය ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැුස්කළේය. මේ දෙදෙනා විසින් බිඳ දමන ලද්දේ ශ‍්‍රී ලංකාවට එරෙහිව 6වැනි කඩුල්ල වෙනුවෙන් තිබූ වසර 27ක් පැරැණි ඉහළම සම්බන්ධතා වාර්තාවයි.

ඔහු ඊයේ දිනයේ ලකුණු 29දිත් අනතුරුව ලකුණු 60දිත් ලබා දුන් උඩපන්දු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වෙතින් ගිලිහී ගියේය. ඒ හැරුණුවිට නවසීලන්ත උපනායකයා වෙනත් ගැටලූවකට නම් මුහුණපෑවේ නැත.

පෙරේදා සිට පුදුම සහගත විදිහට පිතිහරඹයට මිතුදම් කියන්නට පටන්ගෙන තිබෙන බේසිං රිසර්ව් තණතීරුවේ හිතේ හැටියට ක‍්‍රීඩා කළ විලියම්සන් හා වොට්ලින්ට කිසිදු තර්ජනයක් වීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ අපොහොසත් වූහ.

ලකුණු පුවරුව


අදහස් (2)

කඩුලූ 9 ක් රැකගැනීමේ අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.