Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධායන කරන ලද අන්තර් පළාත් ‘අල්ට‍්‍රා ටෙක්’ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ කුසලාන දිනා ගැනීමට කඳුරට මෙරූන්ස් පිල සමත් විය.
කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී බස්නාහිර ගී‍්‍රන්ස් පිලට එරෙහිව ලකුණු 110 ක ඉලක්කයක් හඹා ගිය කඳුරට කී‍්‍රඩකයෝ පන්දු 18 ක් ඉතිරිව තිබියදීම තමන්ගේ අරමුණ සපුරා ගත්හ.
කඳුරට පිලට සාර්ථක අඩිතාලමක් දැමූ උපුල් තරංග (32) සහ තිළිණ කණ්ඩම්බි (17) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 40 ක් එක් කළහ. අනතුරුව තරංගට එක්වූ කුමාර් සංගක්කාර ඉනිමේ 10 වැනි ඕවරය නිමා වන විට ලකුණු සංඛ්‍යාව 67 ක් දක්වා ඉහළ දැමුවේ සෙසු පිතිකරුවන් වෙත පැවැති පීඩනය අඩු කරමිනි.
පන්දු 30 කට මුහුණ දුන් උපුල් තරංග හතරේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් ලබා ගත් අතර ජනක ගුණරත්නගේ විශිෂ්ට උඩපන්දු රැකීමකින් දැවී යාමට පෙර සංගක්කාර පන්දු 19 කදී ලකුණු 21ක් ලබා ගත්තේය. එතැන් සිට කෞෂාල් ලොකුආරච්චිට තිබුණේ පහසු වැඩ කොටසකි.
පන්දු 25 කට මුහුණ දුන් ලොකුආරච්චි හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 26 ක් ලබාගනිමින් තම පිලට රුපියල් මිලියනයක සල්ලි මල්ලක් දිනා දුන්නේය. කාසියේ වාසිය දිනාගත් බස්නාහිර ගී‍්‍රන්ස් පිල පළමුවෙන් පන්දවට පහර දෙමින් නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 109 ක් ලබාගත්තේය. තම ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ඇන්ජලෝ මැතිව්ස්, පන්දු 49 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 53 ක් රැස්කළේය.
බස්නාහිර ඉනිම ආරම්භයේදීම පිතිකරුවන් අසරණ කළ නුවන් කුලසේකර සිය දෙවැනි ඕවරයේදීම ගිහාන් රූපසිංහ සහ ඩිල්ෂාන් මුණවීර පිටියෙන් ඉවත් කළේය. සිය ඕවර 4 දී ලකුණු 19 ක් පමණක් දුන් කුලසේකර කඩුලූ 3 ක් දවාගනිමින් අවසන් තරගයේ වීරයා සම්මානයද තමන් සතුකරගත්තේය.
පිතිකරු ලයිස්තුවේ ඉදිරියෙන් පැමිණි සචිත‍්‍ර සේරසිංහ දුවද්දී දැවී යාමත් සමගම නායක ඇන්ජලෝ පිටියට පිවිසි නමුත් සෙසු පිතිකරුවන්ගේ ආරක්‍ෂාකාරී ප‍්‍රතිපත්තිය නිසා මැතිව්ස්ට තම පිල වෙනුවෙන් තනිවම සටන් කිරීමට සිදුවිය. පන්දු 22 කට මුහුණ දුන් ජානක ගුණරත්නට ලබාගත හැකිවූයේ ලකුණු 9 ක් පමණකි. ඉසුරු උදාන පන්දු 7 කින් ලබාගත්තේ ලකුණු 3 ක් පමණි.
කඳුරට කී‍්‍රඩකයන්ගේ පන්දු යැවීම ඉහළ තලයක තිබූ අතර ඔවුන්ගේ සැලසුම් සහගත පන්දු යැවීම නිසා ලකුණු ලබාගැනීම අසීරු විය. තරගයෙන් අනතුරුව බස්නාහිර පිලේ නායක මැතිව්ස් පවසා සිටියේ මෙම ලකුණු සංඛ්‍යාව කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවූ බවයි.
”කඳුරට පිලේ පිතිකරුවන් පිළිබඳ සැලකීමේදී ලකුණු 109 ක් කියන්නේ කොහොමටවත් ප‍්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවෙයි. ඇරත් අප දිගින් දිගටම කඩුලූ අහිමි කරගත්තා. විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යන්න තරම් ජවයක් අපේ ඉනිමේ තිබුණේ නෑ” යයිද මැතිව්ස් පැවසීය.
ඩිල්ශාන් මුණවීර - ප.කුලසේකර 7
ගිහාන් රූපසිංහ - ක.මු.කළා ප. කුලසේකර 0
තිලකරත්න සම්පත් - ඇ.සංගක්කාර ප.ප‍්‍රසාද් 14
සචිත‍්‍ර සේරසිංහ - දුවද්දී දැවී ගියා 7
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී 53
සමීර සොයිසා - දුවද්දී දැවී ගියා 2
ජනක ගුණරත්න - ප.කුලසේකර 9
ඉසුරු උදාන - ඇ.කණ්ඩම්බි ප.ලොකුහෙට්ටිගේ 3
කෝසල කුලසේකර - නොදැවී 1
අතිරේක 13
එකතුව ඕවර 20 කදී කඩුලු 7ක් දැවී 109
කඩුලු වැටීම:
1-16 (රූපසිංහ), 2-17 (මුණවීර), 3-34 (සේරසිංහ), 4-42 (සම්පත්), 5-50 (සොයිසා) , 6-75 (ගුණරත්න) , 7-93 (උදාන)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ:
සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක
පන්දු යැවීම:
නුවන් කුලසේකර : 4-0-19-3, දිල්හාර ලොකුහෙට්ටිගේ : 4-0-22-1, ධම්මික ප‍්‍රසාද් : 3-0-23-1, අජන්ත මෙන්ඩිස් : 4-0-23-0, කෞෂාල් ලොකුආරච්චි : 4-0-11-0, මිලින්ද සිරිවර්ධන : 1-0-3-0
උපුල් තරංග - ක.මු.කළා ප.උදාන 32
තිළිණ කණ්ඩම්බි - ඇ.උදාන ප.මැතිව්ස් 17
කුමාර් සංගක්කාර - ඇ.ගුණරත්න ප.කුලසේකර 21
කෞෂාල් ලොකුආරච්චි - නොදැවී 26
ළහිරු තිරිමාන්න - නොදැවී 9
අතිරේක 8
එකතුව ඕවර 17 කදී කඩුලු 3ක් දැවී 113
කඩුලු වැටීම:
1-40 (කණ්ඩම්බි), 2-70 (තරංග), 3-76 (සංගක්කාර)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ: මිලින්ද සිරිවර්ධන, නුවන් කුලසේකර, දිල්හාර ලොකුහෙට්ටිගේ, ධම්මික ප‍්‍රසාද්, අජන්ත මෙන්ඩිස්, ධනංජය ද සිල්වා
පන්දු යැවීම:
සචිත‍්‍ර සේනානායක : 4-0-12-0, සුරංග ලක්මාල් : 3-0-30-0, ඉසුරු උදාන : 3-0-27-1, ඇන්ජලෝ මැතිව්ස් : 3-0-13-1, ජනක ගුණරත්න : 1-0-5-0, සචිත‍්‍ර සේරසිංහ : 1-0-12-0, කෝසල කුලසේකර : 2-0-10-1
(ඡායාරූපය: ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.