Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කඳුරට මෙරූන්ස් පිලට තේරීම් තරග 3 ක්

කඳුරට මෙරූන්ස් පිලට තේරීම් තරග 3 ක්

රොෂාන් ගුණරත්න - 2013 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 8 Comment
A A A

සැප්තැම්බර් මස 17 වැනිදා ආරම්භ වන ශූරයන්ගේ ලීග් විස්සයි/20 තරගාවලියට එක්වන සිවුවැනි ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෙස කඳුරට මෙරූන්ස් පිල වාර්තා පොතට එක්වෙයි. මෙම තරගාවලියට පෙර පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරග 3 කට සහභාගි වී ඉන් ජයග‍්‍රහණය කරමින් ප‍්‍රධාන තරගාවලියට එක්වීමට කඳුරට පිලට සිදුවෙයි.

මීට පෙර පැවැති ශූරයන්ගේ ලීග් වි:20 තරගාවලි සඳහා වයඹ, රුහුණ සහ ඌව කණ්ඩායම් ශී‍්‍ර ලංකාව නියෝජනය කර තිබිණ. මීට පෙර සෑම අවස්ථවකදීම ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කණ්ඩායම් සුදුසුකම් තේරීමේ තරගාවලියේදී පරාජය වූහ.

මෙවර සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා කඳුරට මෙරූන්ස් පිල සමග ඔටාගෝ වෝල්ට්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ ෆයිස්ලාබාද් වුල්ව්ස් පිල කී‍්‍රඩා කරයි. මෙම කණ්ඩායම් අතුරින් හොඳම දස්කම් දක්වන කණ්ඩායම් දෙක ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

කඳුරට මෙරූන්ස් පිල සැප්තැම්බර් 17 වැනිදා සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිවද, 18 වැනිදා ඔටාගෝ වෝල්ට්ස් පිලට එරෙහිවද 20 වැනිදා ෆයිස්ලාබාද් වුල්ව්ස් පිලට එරෙහිවද තරග කිරීමට නියමිතය.

ශූරයන්ගේ ලීග් විස්සයි/20 තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් සහ කී‍්‍රඩකයෝ

කදුරට මෙරූන්ස්

ළහිරු තිරිමාන්න, නුවන් කුලසේකර, උපුල් තරංග, තිළිණ කණ්ඩම්බි, ශෙහාන් ජයසුරිය, කුමාර් සංගක්කාර, චාමර සිල්වා, මිලින්ද සිරිවර්ධන, දිල්හාර ලොකුහෙට්ටිගේ, ධම්මික ප‍්‍රසාද්, ළහිරු ජයරත්න, අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දිව්, කෞෂාල් ලොකුආරච්චිසහ ධනංජය ද සිල්වා

සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම

ශිකාර් ධාවන්, පාර්තිව් පතෙල්, කැමරන් වයිට්, ජේ. පී. ඩුමිනි, ඬේල් ස්ටේන්, ඩැරන් සමී, බිප්ලබි සමන්ත්‍රේ, තිසර පෙරේරා, කරන් ෂර්මා, හනුමන් විහාරි, අශීශ් රෙඞ්ඩි, අමිත් මිෂ්රා, ඉශාන්ත් ෂර්මා සහ ආනන්ද් රාජන්

බ්‍රිස්බ්‍රේන් හීට්

ජෝ බර්න්ස්, ඩෑන් ක්‍රිස්ටියන්, බෙන් කටින්, පීටර් ‍‍ෆොරස්ට්, ඩොමිනික් මයිකල්, ක්‍රිස් හාට්ලි, නේතන් හවුරිට්ස්, ජේම්ස් හෝප්ස්, මැතිව් ගේල්, ක්‍රිස් ලින්, ඇලිස්ටර් මැක්ඩොමට්, කැමරන් ගැනන්, ඇලේක්ස් කෙම්ප්, කෙමාර් රෝචිසහ ක්‍රස් සබර්ග්

චෙන්නායි සුපර් කිංග්

මහේන්ද්‍ර සිං දෝනී, සුරේෂ් රයිනා, මුරලි විජේ, විධිමාන් සාහා, රවිචන්ද්‍රන් අශ්වින්, සුබ්‍රමානියම් බද්‍රිනාත්, ඉම්තියාස් අහ්මඩි, රවින්ද්‍ර ජදේජා, මෝහිත් ශර්මා, මයිකල් හසී, ඩ්වේන් බ්‍රාවෝ, ඇල්බි මෝකල්, ජේසන් හෝල්ඩර්, එෆ්.ඩු ප්ලේසීසහ ක්‍රිස් මොරිස්

ෆයිසලාබාද් වුල්විස්

මිස්බා-උල්-හක්, අසීෆ් අලී, අලී වකාර්, කුරාම් ෂෙශාඩ්, මුහම්මද් සල්මාන්, වකාස් ම්ක්සූද්, සමී උල්ලා, ඛාම් නිආසී, අසාඩ් අලී, සයීඩ් අජ්මාල්, එසාන් අදිල්, හසන් මහමුද්, රානා ඛාන්, ෆාරුක් ෂෙශාඩ්, ඉම්රාන් ඛලීඩ්සහ අම්මර් ඛාන්

හයිවෙල්ඩ් ලයන්ස්

ටෙමිබා බුවමා, ගුලාම් බොදී, ක්වින්ටින් ඩි කොක්, නීල් මැකෙන්සි, ලොන්වාබෝ සොත්සෝබි, ඊතන් ඹිරීයලි, හාර්ඩස් විලියොන්, රස්සී ඩසන්, ඇල්වයිරෝ පීටර්සන්, ඒරන් පැන්ගිසෝ, ඩ්වයින් ප්‍රීටෝරියස්, ජීන් සීම්ස්, ඉම්රාන් තාහිර්, සොහෙල් තන්වීර්සහ තාමී සොලෙකිල්

මුම්බායි ඉන්දියන්ස්

රෝහිත් ශර්මා, සචින් තෙන්ඩුල්කාර්, දිනේෂ් කාර්තික්, හර්බජාන් සිං, ප්‍රග්යන් ඹිජා, අම්බති රයියදු, ආදිත්ය තාරේ, රිශි ධාවන්, අබු නචිම්, අකිශාර් පතෙල්, කිරන් පොලාඩි, ඩ්වෙන් ස්මිත්, නේතන් කෝල්ටර්-නීල්, මිචෙල් ජොන්සන්සහ ග්ලෙන් මැක්ස්වෙල්

ඔටාගෝ වෝල්ට්ස්

නිකොලස් බෙයාඩ්, මයිකල් බ්‍රැක්වෙල්, නීල් බිරූම්, ඉයන් බට්ලර්, මාර්ක් ක්‍රේග්, ඩෙරෙක් ද බූඩර්, ජේකබ් ඩෆී, බ්‍රෙන්ඩන් මැකලම්, නේතන් මැකලම්, ජේම්ස් මැක්මිලන්, ජේම්ස් නීශාම්, ඒරන් රෙඩිමන්ඩ්, හමීෂ් රදර්ෆෝඩ්, රයන් ටෙන්ඩස් කාටර්සහ නීල් වෝනර්

පර්ත් කෝචර්ස්

ඇස්ටන් ඒගර්, මයිකල් බීර්, ජේසන් බෙරෙන්ඩොර්ෆ්, ඇශ්ටන් ටර්නර්, ලයාම් ඩේවිස්, බ්‍රැඩි හොග්, බර්ට් කොක්ලී, සයිමන් කැටිච්, මිචෙල් මාෂ්, ෂෝන් මාෂ්, ජොල් පැරිස්, අල්ෆෝන්සෝ තෝමස්, ටොම් ට්‍රිෆිට්, ඇඩම් වෝග්සහ සෑම් වයිට්මන්

රාජස්ථාන් රෝයල්

රාහුල් ඩ්‍රාවිඩ්, අජින්ක්යා රහනේ, ස්ටුවර්ට් බිනි, සන්ජු සැම්සන්, අශෝක් මෙනරියා, ඩිශාන්ත් යාග්නික්, වික්‍රම්ජීත් මලික්, රාහුල් ශුක්ලා, ප්‍රවීන් තම්බේ, සිද්ධාර්ත් ත්‍රීවේදී, ෂේන් වොට්සන්, බ්‍රැඩ් හොජ්, ජේම්ස් ෆෝක්නර්, කෙවින් කුපර්සහ ෂෝන් ටේට්

ටයිටන්ස්

ජැක් රුඩෝෆ්, හෙන්රි ඩේවිඩ්, ඒ.බී, ඩිවිලියර්ස්, ෆර්හාන් බෙහාර්ඩීන්, හෙයිනෝ කුන්, ඩේවිඩ් වීසා, ඊඩ්න් ලින්ක්, එති මිභාලිති, රොවැන් රිචඩ්, මැන්ගලිසෝ මොසෙල්, සී.ජේ. ඩිවිලියර්ස්, ග්‍රේමි වෑන් බූරන්, මෝනි මෝකල්සහරිලෝෆ් වැනඩර් මර්ව්

ට්‍රිනිඩැඩ් සහ ටොබැගෝ

ඩිනේශ් රැම්ඩීන්, රයද් එම්රිත්, ජේසන් මොහොමඩ්, නිකලස් පූරන්, සුනිල් නරේන්, එවින් ලුවිස්, සැමුවෙල් බද්‍රී, ‍නෙවීන් ස්ටුවර්ටි, ෂැනොන් ගේබ්‍රියල්, කේසන් යානික් ඔට්ලි, ඒඩ්‍රියන් බරත්, ශර්වින් ගංගා, ලෙන්ඩිල් සිමන්ස්, රව් රාම්පෝල්සහ ඩැරන් බ්‍රාවෝ


අදහස් (8)

කඳුරට මෙරූන්ස් පිලට තේරීම් තරග 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.