Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කමිල් මිෂාරගෙන් ශතකයක්

කමිල් මිෂාරගෙන් ශතකයක්

Nisanka Sandeepani - 2019 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කමිල් මිෂාගේ (105) ශතකය නිසා සංචාරක ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ පිලට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (11) පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හතක් දැවී ලකුණු 287 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු තුනක් අතැතිව ලකුණු 18 ක් ඉදිරියෙන් සිටියි.

දෙවැනි දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට සඳුන් මෙන්ඩිස් (නොදැවී 22) සහ රොහාන් සංජය (නොදැවී 0) පන්දුවට පහර දෙමින් සිටියහ.

කමිල් මිෂාර අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 235 කදී හතරේ පහර 17 ක් සමගින් ලකුණු 105 ක් රැස් කිරීමට සමත් විය.  

කමිල් මිෂාර සහ මොහොමඞ් සමාෂ් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තව දුරටත් ඉනිම ශක්තිමත් කළහ. මොහොමඞ් සමාෂ් පන්දු 92 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු කඩුල්ල ලෙස තවීෂ කහදූවාරච්චි ලකුණු 36 ක් ලබා පිටියෙන් ඉවත් විය.
කමිල් මිෂාර සහ තවීෂ කහදූවාරච්චි ලකුණු 93 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ගෙන ඒමට සමත් වූහ.

තරගයේ පළමු දිනය වූ ඊයේ (10) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා යොවුන් පිල කිසිවකු නොදැවී ලකුණු 20 ක් රැස්කර සිටියේය.

පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල කඩුලු නවයක් දැවී ලකුණු 269 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.

හෙට (12) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.

 

  

ඡායාරූප - චතුර එස්. කොඩිකාර

- 048


අදහස් (0)

කමිල් මිෂාරගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.