Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බහමාස් රාජ්‍යයේදී ඊයේ (23) නිමාවට පත් වූ හයවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ දස්කම් එකම ක්‍රීඩකයකු දිනාගත් රිදී පදක්කම් දෙකකට සීමා විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම අද්විතීය දස්කම් කළ පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ පෙරේදා (22) මීටර 50 නිදහස් ආර බාලක ඉසව්වෙන් තත්ත්පර 23.38කට රිදී පදක්කම දිනා ගත්තේය.
ඊට පෙර ඔහු මෙම ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනා දීමේ ගෞරවය ද අත්කර ගනිමින් මීටර 100 නිදහස් ආර බාලක ඉසව්වෙන් ද (තත්ත්පර 50.93) රිදී පදක්කමත් හිමිකර ගත්තේය.
මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වූ ඔහු මීටර 200 බාලක නිදහස් ආර ඉසව්ව ද තරග වැදුණු නමුත් ඔහු එහිදී මූලික වටයෙන් පරාජයට පත් වීම නිසා එහි පදක්කමක අවස්ථාව ඔහුගෙන් ගිලිහී ගියේය.
පෙරේදා තරගයේදීත් කයිල්ගේ ප්‍රතිවාදියා බවට පත්වූ ස්කොට්ලන්තයේ ඇලෙක්සැන්ඩර් ස්කොට් තත්ත්පර 23.10කට එහි රන් පදක්කම දිනා ගත්තේය.
මෙම ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් බොක්සින්, මලල ක්‍රීඩා, ජූඩෝ, රග්බි (සත් සාමාජික), පිහිනුම් හා ටෙනිස් යන ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 27 දෙනෙකු සහභාගි වූහ.
පෙරේදා පැවැති සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව යළිත් වතාවක් සත්කාරක බහමාස් කණ්ඩායම පරාජයට පත් කරමින් (43-5) තරගාවලියේ පස්වැනි ස්ථානය ලැබීය. එහි රන් පදක්කම සැමෝවා රාජ්‍යය දිනාගත්තේ ප්‍රතිවාදී එංගලන්තය රිදී පදක්කමට සීමා කරමිනි.
ක්‍රීඩා උළෙලට සහභාගි වූ රටවල් 50කින් රටවල් 29ක් මෙවර පදක්කම් දිනා තිබූ අතර කයිල් අබේසිංහගේ දක්‍ෂ පිහිනීම හමුවේ ඔහු හිමි කර ගත් රිදී පදක්කම් දෙකෙන් ශ්‍රී ලංකාව එහිදී 22 වැනි ස්ථානයට පත්විය.
මෙම ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 17 ක් දිනාගත් එංගලන්තය එහි ජයග්‍රාහකයා බවට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.