Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කලබල වෙන්න දෙයක් නෑ....

කලබල වෙන්න දෙයක් නෑ....

සංජය එරමුදුගොඩ - 2013 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දිනෙක කි‍්‍රකට් දස්කම් අතර හිණි පෙත්තටම නගින ඔව්හුම පසුදා එහි පාමුළ ඇද වැටෙති. ඒ මෙම අපූරු කී‍්‍රඩාවේ සදාතනික නියමයයි. අවිනිශ්චිත භාවයයි.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (28 වැනිදා) පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ පළමු පන්දුව යැවීමටත් පෙරම ශී‍්‍ර ලංකා පිල 2‐1 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. එහෙත් සිකුරාදා සිදුවූයේ කුමක්ද යන්න තවමත් අදහාගත නොහැකි තරම්ය.

හරියටම සතියකට ඉහතදී දකුණු අපි‍්‍රකානුවන් හමුවේ අද්වීතීය පිතිහරඹයක යෙදෙමින් ලකුණු 320 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිකුරාදා ලකුණු 167 කට ඇද වැටුණේ තමන්ගේ කී‍්‍රඩා රටාව සඳහා අවශ්‍ය සියලූම සාධක සහ වාසිදායක තත්ත්වයන් තමන් සතුව තිබියදීය.

අපේක්‍ෂා කළ ආකාරයෙන් පන්දුව පිත්තට ඇදී නොඑන, මන්දගාමී තණතීරුවකදීත් දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන්නෝ ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 8 ක් බෙදහදා ගත්හ. දකුණු අපි‍්‍රකානු පිලේ අංක එකේ දග පන්දු යවන්නා වන රොබින් පීටර්සන්ගේ හත්වැනි  ඕවරයේදී තිසර පෙරේරා ලකුණු 35 ක් උදුරා ගැනීමට යන්තම් හෝරා දෙකකට පෙරදී අජන්ත මෙන්ඩිස් තමාගේ  ඕවර 10 දී ලකුණු 35 කට කඩුලූ 3 ක්ම දවාගත්තේය.

සිකුරාදා පැවැති තත්ත්වයන් ඒ තරමටම ශී‍්‍ර ලංකාවට වාසිදායක වූවත් තරගය ලකුණු 56 කින් ශී‍්‍ර ලංකා පිල පරාජයට පත්විය. එහෙත් නායක මැතිව්ස් කියන්නාක් මෙන් මේ කලබල වීමට වෙලාව නොවේ. කරුණු කාරණා ඇති සැටියෙන් විමසා බැලිය යුතු වේලාවයි.
”අප තාමත් ඉදිරියෙන් ඉන්නේ. අප හොඳ කී‍්‍රඩාවක නිරත වෙනවා නම් දකුණු අපි‍්‍රකානුවන් පරාජය කරන්න අපට පුළුවන්” යයි ඇන්ජලෝ මැතිව්ස් සිකුරාදා තරගයෙන් අනතුරුව පැවසීය.

”පළමු එක්දින තරග දෙකම අප පහසුවෙන් ජයගත්තා තමයි. ඒත් දකුණු අපි‍්‍රකානුවන් ඉතාමත් දැඩිව අපට ආපසු පහර දෙන බව අප දැන සිටියා”

”අද දිනයේ ඔවුන් කළේ ඒ දේ තමයි. ඒ නිසා ඊළග තරගයේදී අප සූදානමින් ඉන්න වෙනවා” යයි මැතිව්ස් සිකුරාදා රාති‍්‍රයේ පැවසීය.
ශී‍්‍ර ලංකාව මෙම තරගය පරාජය වූයේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතුව දකුණු අපි‍්‍රකානුවන් පරදවා 2‐0 ක ජයක් ලබාගනිමින් තරගයේ වාසිය අතැතිව සිටි අවස්ථාවකදීය. එවන් අවස්ථාවකදී මැතිව්ස් නැවතත් නායකත්වය බාරගැනීමෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජයවීම මැතිව්ස්ට තියුණු අභියෝගයක්ද වී තිබේ.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර නිල වශයෙන් කි‍්‍රකට් සම්බන්ධතා ආරම්භ වී වසර 20 ක් ගෙවී ගොස් ඇති නමුත් දකුණු අපි‍්‍රකානුවෝ එදා මෙදා තුර ශී‍්‍ර ලංකාවේදී එක්දින තරගාවලියක් ජයගෙන නැත. සිකුරාදා තරගය ඔවුන් ජයගත්තේද පිට පිටම තරග 11 ක් පරාජය වීමෙන් පසුව වන අතර අදටත් ශී‍්‍ර ලංකාවේදී ශී‍්‍ර ලංකා ‐ දකුණු අපි‍්‍රකානු ජයග‍්‍රහණ වාර්තාව කියැවෙන්නේ 11 ‐ 2 ක් වශයෙන් ශී‍්‍ර ලංකාවට වාසිදායක ලෙසිනි.

එබැවින් කලබල වීමේ කිසිදු උවමනාවක් නැත. එහෙත් කිසිවක් සුළුවෙන් තැකීම කළ යුතුද නොවේ. සිකුරාදා තරගයේදී තමන්ට වැරදුන තැන සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස්ට පැහැදිළි අදහසක් තිබේ.

”අප පන්දුවට පහර දුන්නේ තණතීරුවේ තත්ත්වය සැලකිල්ලට ගෙන නොවෙයි”
”එය තරමක් මන්දගාමී වගේම කිසිදු ඒකාකාරී බවක් නැති තණතීරුවක්. ඒ විතරක් නොවෙයි එහි හොඳ දග කැවීමකුත් දකින්නට ලැබුණා”
”අපට මූලික වශයෙන්ම කරන්න තිබුණේ ඒ තත්ත්වය සැලකිල්ලට අරගෙන, පන්දුවට පහර දීමේ අවස්ථා මාරු කරගනිමින්, පවතින තත්ත්වයට අනුගත වීමයි. ඒත් ඒ වෙනුවට අප කඩුලූ අහිමි කරගත්තා” යැයි මතිව්ස් මනස්තාප විය.

පන්දුව නවතාවයෙන් යුතුව තිබියදීම ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 3 ක් බිඳ වැටුණු අතර එතැන් සිට මැද කොටසේදී හෝ තරගයේ අවසානයේදී නැවතත් ඉනිම ගොඩනැංවීම අපහසු විය. එන  ඕවරයකදී ලකුණු 35 ක් උදුරාගත් තිසර පෙරේරාගේ වෑයමද නිරර්ථක වූයේ එයින් ඒ තරම් විශාල බලපෑමක් කළ නොහැකි වූ හෙයිනි.

”තිසර පන්දුවට පහර දුන්නේ හරියට වෙනත් තණතීරුවක පහර දෙනාවා වගේ”
”තණතීරුව එන්න එන්නම මන්දගාමී වන බව අප දැන සිටියා. එවැනි අවස්ථාවකදී අප කෙටි ලකුණු ලබාගනිමින්, පන්දුවට පහර දීමේ අවස්ථා හුවමාරු කරගනිමින් කටයුතු කළ යුතුයි”

”ඒත් තිසරට තවත් පිතිකරුවකුගේ සහයෝගය ලැබුණා නම් තත්ත්වය වෙනස් වෙන්න තිබුණා” යයිද සිකුරාදා තරගය සම්බන්ධයෙන් මැතිව්ස් පැවසීය.

ඉරිදා (28 වැනිදා) පැවැත්වෙන තරගය සඳහා වඩාත් යහපත් ආරංචිය වන්නේ අජන්ත මෙන්ඩිස් නැවතත් දස්කම් අතරට පිවිස සිටීමයි. එහෙත් තමාගේ දස්කම් ඒක දිගටම පවත්වාගෙන යන බව අජන්ත මෙන්ඩිස් විසින්ම සනාථ කරනු ලැබිය යුතුය. කෙසේ වෙතත් නායකයා තුළ අජන්ත මෙන්ඩිස් කෙරෙහි දැඩි විශ්වාසයක් පවතී. එය හොඳ ලකුණකි.

”ඔහු ඒ තරම්ම හොඳින් පන්දු යැව්වේ නෑ. ඒත් ඉනිමේ අවසන් කොටසේදී ඔහු ඉතාමත් හොඳින් පන්දු යැව්වා. ඔහුගෙන් හොඳින්ම ප‍්‍රයෝජන ගන්න නම් අප ඔහුට විශ්වාසනීයත්වය ලබාගැනීමට ඉඩ හරිමින් තව තවත් අවස්ථාව දිය යුතුයි” යයිද මැතිව්ස් පැවසීය.

එක්දින තරග අඩුම සංඛ්‍යාවකදී කඩුලූ 100 ක් දවාගත් ශී‍්‍ර ලාංකික පන්දු යවන්නා වුවත් හොඳ තරගයකින් පසුව මෙන්ඩිස් වල්මත් වන ස්වභාවයක් පෙන්නුම් කරයි. ඔහු අවසන් වරට එක්දින තරගයකදී කඩුලූ 3 ක් දවාගෙන ඇත්තේ හරියටම මීට වසර දෙකකට පෙර,  ඕස්ටේ‍්‍රලියානු පිල හමුවේදීය.

තිලකරත්න ඩිල්ෂාන්ටද මෙතෙක් පැවැති තරග තුනේදී වැඩි යමක් කළ නොහැකි විය. එහෙත් ඩිල්ෂාන් වැනි කී‍්‍රඩකයකු කි‍්‍රයාත්මක වන්නේ හරියටම අවශ්‍ය තැනදී වන අතර එවන් කි‍්‍රයාත්මක වීමකින් ශී‍්‍ර ලංකාවට ජය අත්වීම බොහෝ විට දක්නට ලැබෙන්නකි.
කුමන තත්ත්වයන් යටතේ වුවත් දකුණු අපි‍්‍රකානුවන් සුළුවෙන් තැකීම කළ නොහැකිය. සිකුරාදා තරගයේදී ඬේවිඞ් මිලර් කළ පිතිහරඹය නිසා දකුණු අපි‍්‍රකානු නායකයා මහත් උද්යෝගයට පත්ව සිටී.

 ”ඬේවිඞ් අති විශිෂ්ට අකාරයෙන් කී‍්‍රඩා කළා”
” ඕනෑම ආකාරයේ තණතීරුවක් මත ඒ ආකාරයට කී‍්‍රඩා කරමින් තරගයක් කණපිට පෙරළන්න ඔහුට හැකියාව තිබෙන බව අප දැන සිටියා. දැන් දැන් ඒ දේ වෙනවා දකින එක සතුටක්” යයිද දකුණු අපි‍්‍රකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් සිකුරාදා රාති‍්‍රයේ පැවසීය.

”මේ වගේ කුඩා ලකුණු සංඛ්‍යාවක් (223) ආරක්‍ෂා කරගෙන තරගයක් දිනන්න ලැබුණ එක ගැන ඉතාමත් සතුටුයි. ඒත් පිත්තෙන් තවත් හොඳ සම්බන්ධතා දෙකක් ඇතිකරගන්න අපට පුළුවන් වුණොත් තවත් හොඳින් කී‍්‍රඩා කරන්න අපට පුළුවන්” යයිද ඩිවිලියර්ස්  කියයි.

 


- දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට

(ඡායාරූපය: ශාන්ත රත්නායක)


අදහස් (1)

කලබල වෙන්න දෙයක් නෑ....

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.