Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (5 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 4 ක් දැවී ලකුණු 475 ක් ලබා සිටියහ.
දෙවැනි දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි ආරම්භක පිතිකරු උස්මාන් කවාජා හයේ පහරක් සහ හතරේ පහර 19 ක් සමග නොදැවී ලකුණු 195 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි මැට් රැන්ෂෝ ලබා සිටියේ ලකුණු 5 ක් පමණි.
පළමු දිනය වූ ඊයේ (4 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය ඕවර 47 කට සීමා වූ අතර අද තරගය ආරම්භ කරන විට ඕස්ටේ්රලියානු කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියේය. දෙවැනි දිනයේදී කඩුලු 2 ක් පමණක් අහිමිකරගත් ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 328 ක් සිය පළමු ඉනිමට එක්කර ගත්හ.
එහිදී හිටපු නායක ස්ටීවන් ස්මිත් සිය 30 වැනි ටෙස්ට් ශතකය ලබාගත් අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය. වේගවත් පිතිහරඹයක නිරත වූ ට්‍රැවීස් හෙඩ් පන්දු 59 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 70 ක් රැස්කළ අතර එය ඔහුගේ 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 4 කට 475
(උස්මාන් කවාජා නොදැවී 195, මානස් ලැබුෂේන් 79, ස්ටීවන් සිමිත් 104, ට්‍රැවීස් හෙඩ් 70, ඇන්රික් නොකියා 55/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.