Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උස්මාන් කවාජා (141), ට්‍රැවිස් හෙඞ් (72) සහ ටිම් පේන්ගේ (නොදැවී 61) විශිෂ්ට පිතිහරඹය හමුවේ පාකිස්තානයට එරෙහිව ඩුබායිහිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ඕස්ට්‍රේලියාව අද (11 වැනිදා) සමත්විය.
අද උදෑසන තරගය ආරම්භ කරන විට කඩුලු 7 ක් අතැතිව සිටි ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 326 ක් රැස්කිරීමට තිබූන නමුත් තරගයේ පස්වැනි සහ අවසන් දිනය නිමා වනවිට කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 362 ක් පමණි.
පාකිස්තානයට තරගය ජයගැනීම සඳහා ඕවර 90 ක් තුළදී කඩුලු 7 ක් දවාගැනීමට අවශ්‍යව තිබුනද දිනය නිමාවන විට ඔවුන්ට දවාගැනීමට හැකිවූයේ කඩුලු 5 ක් පමණි.
පාකිස්තාන පන්දු යවන්නන්ට මහත් හිසරදයක්වූ උස්මාන් කවාජා සහ ට්‍රැවිස් හෙඞ් ඕවර 48.3 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 132 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
පැය 8 කුත් මිනිත්තු 44 ක කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 302 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 141 ක් රැස්කළ උස්මාන් කවාජා ආසියානු කලාපයේදී ලබාගත් පළමු ශතකයට හිමිකම් කිහ.
සිවුවැනි කඩුල්ල ලෙස පන්දු 175 කදී හතරේ 5 ක් සමගින් ලකුණු 72 ක් රැස්කළ ට්‍රැවිස් හෙඞ් දැවීයාමෙන් පසුව පිටියට පිවිසි මාර්මස් ලැබස්චේන්ග්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට පාකිස්තාන පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.
නැවත වරක් ඕස්ට්‍රේලියාව පරාජයෙන් ගලවා ගැනීම සඳහා එක්වූ උස්මාන් කවාජා සහ ටිම් පේන් හයවැනි කඩුල්ල සඳහා ඕවර 36.2 කදී ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනැගුහ. නමුත් යසීර් ෂා විසින් පිට පිට යවන ලද ඕවර 2 ක් තුලදී 6, 7 සහ 8 වැනි කඩුලු ලෙස උස්මාන් කවාජා, මිචෙල් ස්ටාර්ක් සහ පීටර් සිඞ්ල් දැවීයාමත් සමගින් නැවත වරක් ඕස්ට්‍රේලියාව පරාජයට අත වනන්නට විය.
නමුත් පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ නොබියව මුහුණදුන් ටිම් පේන් සහ නේතන් ලයන් ඕවර 12.1 ක් තුල කඩුල්ල ආරක්ෂා කරගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත්විය.
ටිම් පේන් පැය 3 මිනිත්තු 39 ක කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 194 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 61 ක් රැස්කරමින් ඕස්ටේ්‍රලියාව පරාජයෙන් ගලවා ගැනීමට සමත්විය.
යසීර් ෂා කඩුලු 4 ක් සහ මොහොමඞ් අබ්බාස් කඩුලු 3 ක් දවාගැනීමට සමත්වූවද පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන යාමf අපොහොසත් වූහ.
පාකිස්තාන පළමු ඉනිම - ඕවර 164.2 කදී සියලුදෙනා දැවී 482
(ඉමාම් උල් හක් 76, මොහොමඞ් හෆීස් 126, හරිස් සොහෙල් 110, අසාද් ශාෆික් 80, පීටර් සිඞ්ල් 58/3, නේතන් ලයන් 114/2)
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - ඕවර 83.3 කදී සියලුදෙනා දැවී 202
(උස්මාන් කවාජා 85, ඒරන් ෆින්ච් 62, බිලාල් අසීෆ් 36/6, මොහොමඞ් අබ්බාස් 29/4)
පාකිස්තාන දෙවැනි ඉනිම - ඕවර 57.5 කදී කඩුලු 6 ක් දැවී 181
(ඉමාම් උල් හක් 48, හරිස් සොහෙල් 39, අසාද් ශාෆික් 41, බාබර් අසාම් නොදැවී 28, ජෝන් හෝලන්ඞ් 83/3, නේතන් ලයන් 58/2)
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - ඕවර 139.5 කදී කඩුලු 8 ක් දැවී 362
(ඒරන් ෆින්ච් 49, උස්මාන් කවාජා 141, ට්‍රැවිස් හෙඞ් 72, ටිම් පේන් නොදැවී 61, යසීර් ෂා 114/4, මොහොමඞ් අබ්බාස් 56/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.