Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ලොන්ඩන් පෙදෙසේ පිහිටි සී. ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී නාවික හමුදා කණ්ඩායම ලකුණු 21-7 කින් පරාජය කළ මහනුවර ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඞ් කුසලාන දිනාගත්තේය. මහනුවර කණ්ඩායම උත්සාහක දිනුම් 3 කින් සහ දඬුවම් පහර 2 කින් සිය ලකුණු 21 ලබාගත්තේය. නාවික හමුදාවට ලබාගත හැකිවූයේ ගෝල දිනුමක් පමණි.
තරගයේ විවේක කාලයේදී මහනුවර කණ්ඩායම ලකුණු 8-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටියේය.
සටන්කාමී ක්‍රීඩා විලාශයක නිරත වූ නැවියන් විසින් පටවනු ලැබූ පීඩනය දෙවැනි භාගයේ අවසන් මිනිත්තු 20දී ඉවතට තල්ලු කළ මහනුවර ක්‍රීඩා සමාජය පිට පිට සිවුවැනි වතාටවත් ක්ලිෆර්ඞ් කුසලානය දිනාගැනීමට සමත්වූයේ සිය අවසන් තරගයට ක්‍රීඩා කළ ෆාසිල් මරිජාගේ සමුගැනීම වඩාත් සුන්දර එකක් බවට පත්කරමිනි.
තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර වෙනදා එක පිට එක උත්සාහක දිනුම් තියමින් ප්‍රතිවාදින් අසරණ කරන මහනුවර ක්‍රීඩකයන්ට අද පළමු භාගයේදී තැබීමට හැකිවූයේ එක් උත්සාහක දිනුමක් පමණි. තරගයේ 3 වැනි මිනිත්තුවේදී ධනුෂ්ක රන්ජන් තැබූ එම උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට නයිජල් රත්වත්ත අසමත්වූවත් ලකුණු 5-0 කින් පෙරමුණ ගැනීමට මහනුවර පිලට හැකිවිය.
පළමුභාගය නිමාවීමට මිනිත්තු 4 කට පෙර ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් නයිජල් රත්වත්ත පළමු භාගය නිමාවෙද්දී සිය කණ්ඩායම ලකුණු 8-0 කින් පෙරමුණට කැඳවාගෙන ගියේ නාවික හමුදා කඳවුරේ පීඩනය වැඩිකරමිනි.
කෙසේ වෙතත් දෙවැනි භාගයේ ආරම්භයේදීම මහනුවර ක්‍රීඩකයන්ගේ කම්මැලි ක්‍රීඩා විලාශය හමුවේ අගනා ගෝලයක් වාර්තා කරමින් ලකුණු පරතරය 8-7 කින් අඩු කරගත් නැවියෝ පෙරළා තරගයට අවතීර්ණවීමත් සමග තරගය අතිශය උණුසුම්කාරී බවක් ගත්තේය. මේ අනපේක්ෂිත ගෝලයෙන් කළබලයට පත් මහනුවර පිල නැවත ලකුණු අතරට සේන්දුවීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් නාවික හමුදා පිලේ ආරක්ෂක වළල්ල බිඳ දැමිමට ඔවුහු අසමත්වූහ.
කෙසේවෙතත් සිය කණ්ඩායමේ පීඩනය ඉවතට තල්ලු කරමින් මිනිත්තු 10ක් ඇතුළත ධනුෂ්ක රන්ජන් සහ ශෙහාන් පතිරණ තැබූ විශිෂ්ට උත්සාහක දිනුම් දෙකකින් ලකුණු 18-7 කින් නැවත හිස ඔසවා ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය. අනතුරුව තිළිණ විජේසිංහ සාර්ථක කළ දඬුවම් පහරත් සමග ලකුණු සංඛ්‍යාව 21 දක්වා ඉහළ දමාගත් මහනුවර ක්‍රීඩකයෝ නැවියන්ට නැවත නැගී සිටීමට ඉඩ නොදීමට වගබලාගත්හ.
තරගයෙන් පරාජයට පත්වූවත් අවසන් මොහොත දක්වාම නැවියන්ගේ සටන්කාමීත්වය එලෙසින්ම පැවතීම කැපී පෙනුණි.
මහනුවර ක්‍රීඩා සමාජය ලැබූ ලකුණු සංඛ්‍යාවට උත්සාහක දිනුම් 3ක් සහ දඬුවම් පහර 2ක් ඇතුළත් වූ අතර නැවියන් ලැබුවේ ගෝලයක් පමණි.
සිය අවසන් තරගයට ක්‍රීඩා කළ විශිෂ්ට ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆාසිල් මරිජා ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපතිවරයා අතින් විශේෂ සම්මානයක් ලබාගත්තේය.
මහනුවර ක්‍රීඩා සමාජයේ නායක ගයාන් වීරරත්නට ක්ලිෆර්ඞ් කුසලානය පිරිනමනු ලැබුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සභාභාගි වූ ඩයලොග් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරිනී අමලී නානායක්කාර මහත්මිය විසිනි.
මහනුවර - නාවික හමුදා ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.