Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර අද (5 වැනිදා) ඇඩිලේඞ් ඕවල් පිටියේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා පැමිණියද පළමු දිනයේ කී‍්‍රඩාව අවසන් වන විට තම පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලූ 5 ක් දැවී ලකුණු 273 ක් දක්වා ඉහළ දැමීමට ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ සමත් වූහ.
තේ පානය වන විට ඕස්ටේ‍්‍රලියානු පිලේ කඩුලූ 4 ක් ලකුණු 174 කට බිම දැමීමට එංගලන්ත පන්දු යවන්නන්ට හැකි වූ නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නායක මයිකල් ක්ලාක් සහ ජෝර්ජ් බේලි තම කණ්ඩායම වැටී සිටි අසීරු තත්ත්වයෙන් යම් තරමකට ගොඩගත්හ. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් දිවා ආහාරයට පසුව තරගය පැවැත්විණ.
කෙසේ වෙතත් අද සවස් වරුවේදී එංගලන්ත පන්දු රකින්නන් වෙතින් උඩපන්දු 3 ක් ගිළිහී ගිය අතර එහි වාසිය උපරිම අයුරින් උකහා ගැනීමට මයිකල් ක්ලාක් සහ බේලි සමත් වූහ. උඩ පන්දු දෙකකින් බේරුණු ක්ලාක් පන්දු 99 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 48 ක් ලබා සිටින අතර හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් ද සමගින් ලකුණු 53 ක් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියානු පිලේ වි:20 නායකයා වන ජෝර්ජ් බේලි සමත් විය. බේලි දැවී ගියේ ගේ‍්‍රඒම් ස්වෝන්ගේ විශිෂ්ට පන්දු රැකීමකිනි.
එසේ වුවත් බේලි ලකුණු 10 ක් ලබා සිටියදී පන්දු යැවූ මොන්ටි පනීසාර්ගේ දණහිස අසළට දුන් උඩපන්දුව ඔහුට රැකගැනීමට හැකිවූයේ නම් ඕස්ටේ‍්‍රලියානු පිලේ පසුපෙළ පිතිකරුවන් පිටියට ගෙන්වීමේ අවස්ථාව එංගලන්ත පන්දු යවන්නන්ට තිබිණ.
නැවතත් අළු බඳුන දිනාගැනීමේ සටනට පිවිසීමේ අපේක්‍ෂාවෙන් ද`ග පන්දු යවන්නන් දෙදෙනකු සමග පිටියට පිවිස සිටින එංගලන්ත නායකයා තමන් කෙරේ තැබූ විශ්වාසය රැුකගැනීමට පිට ද`ග පන්දු යවන්නා වන ගේ‍්‍රඒම් ස්වෝන් සහ වමතින් පා දග පන්දු යවන මොන්ටි පනීසාර් සමත් වූහ.
වඩාත් විමසිලිමත් ආරම්භක පිතිකරුවකු ලෙසින් නමක් දිනා සිටින කි‍්‍රස් රොජර්ස්ගේ ඉනිම ලකුණු 79 කින් නතර කිරීමට ස්වෝන් සමත් වූ අතර ලකුණු පුවරුවේ 174 ක් සටහන්ව තිබියදී, කි‍්‍රකට් පොතේ ලියැවී තිබෙන අකාරයෙන්ම කි‍්‍රයාත්මක කළ, ඉතා අලංකාර පා දග පන්දුවකින් ස්ටීවන් ස්මිත්ගේ ඉනිම ලකුණු 6 කින් අවසන් කිරීමට මොන්ටි පනීසාර්ට හැකි විය.
කෙසේ වෙතත් පැය දෙකකට ආසන්න කාලයක් පිටියේ රැුඳුනු ෂේන් වොට්සන් පන්දු 119 කට මුහුණ දෙමින් ලකුණු 51 ක් ලබාගත් අතර වොට්සන් සහ රොජර්ස් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාව ලකුණු 121 කි. ජෙම්ස් ඇන්ඩසන් විසින් වොට්සන් දවාගනු ලැබීමත් සමගම ලකුණු 19 ක් ඇතුළතදී තවත් කඩුලූ දෙකක් බිඳ වැටිණ.
එංගලන්ත පිලට කාසියේ වාසිය අහිමි වූ නමුත් වැස්සට වඩා ඉස්සර වූ ස්ටුවර්ට් බ්‍රෝඞ් ප‍්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් පිටියෙන් ඉවත් කර දැමීය. ඒ වන විට ඕස්ටේ‍්‍රලියානු ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 34 ක් පමණි.
බි‍්‍රස්බෙන්හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් ඬේවිඞ් වෝනර්, කිසිදු බිය සැකකින් තොරව එංගලන්ත පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමින් මුහුණ දුන් සෑම පන්දු 8 කින් එකක්ම හතරේ සීමාවට හරවා යැවීය. ඉවසීමක් නොමැති වීම නිසා පිට ඉන්නට එපිටින් ගිය පන්දුවක් හඹාගිය වෝනර්ගේ පිත්තේ ගැටුණු පන්දුව පොයින්ට් හි සිටි මයිකල් කාබෙරිගේ දෑත් අතර සැගවී යාමෙන් වෝනර්ගේ ඉනිම ලකුණු 29 දී නිමා විය.
වර්ෂාව නිසා තරගයට දෙවරක්ම බාධා ඇතිවූ හෙයින් දහවල් 12.10 ට තරගය නතර කළ කුමාර් ධර්මසේන සහ මාරියස් එරැස්මුස් විනිසුරුවරු වේලාසනින්ම දිවා ආහාරය ගන්නා ලෙස කී‍්‍රඩකයන්ට පැවසූහ. ඒ වන විට ඕස්ටේ‍්‍රලියානු පිල කඩුල්ලක් දැවී ලකුණු 46 ක් ලබා සිටියේය.
එංගලන්ත පිලේ අංක 3 පිතිකරුවා ලෙස ජෝ රූට්ට උසස්වීමක් දී තිබෙන අතර අංක 6 ස්ථානයේ කී‍්‍රඩා කිරීමට කෝඩුකාරයකු වන බෙන් ස්ටෝක්ස් තෝරාගනු ලැබ ඇත. ස්ටෝක්ස් නවසීලන්තයේ උපත ලද තුන් ඉරියව් කී‍්‍රඩකයෙකි.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 273
(කි‍්‍රස් රොජර්ස් 72, ඬේවිඞ් වෝනර් 29, ෂේන් වොට්සන් 51, මයිකල් ක්ලාක් නොදැවී 48, ජෝර්ජ් බේලි 53, ජේම්ස් ඇන්ඩසන් 56/1, කි‍්‍රස් බ්‍රෝඞ් 63/2, ගේ‍්‍රඒම් ස්වෝන් 55/1, මොන්ටි පනීසාර් 69/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.