Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ‘නාකියෝ රැළක්’ යයි ජේසන් ගිලෙස්පි පසුගියදා කී කතාව සිහිගන්වමින් ඔස්ටේ‍්‍රලියානු පිලේ නායක මයිකල් ක්ලාක් සිය කණ්ඩායමේ නිල උත්සවය විනෝදයෙන් පුරවා දැමුවේය.
ලන්ඩනයේ පැවැති මේ උත්සවය අතරතුර සිය කතාව ආරම්භ කළ ඔස්ටේ‍්‍රලියානු නායකයා විවිධ උපහාසාත්මක කියුම්වලින් සිය ක‍්‍රීඩකයන් ලේබල් කිරීමට අමතක කළේ නැත. එංගලන්තයේ උපන් ඔස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට් වරක් තමාට නයිට් නාමයක් පිරිනැමීමට සූදානම් වූ මොහොතේ එය ප‍්‍රතික්ෂේප කළ අයුරුද ඔහු අනාවරණය කළේය.
ලන්ඩනයේ ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඇලෙක්සැන්ඩර් ඩවුනර් විසින් සංවිධානය කරන ලද මේ උත්සවය පැවැත්වූයේ ‘ඔස්ටේ‍්‍රලියා හවුස්‘ හී දීය. විවිධ තරාතීරමේ ව්‍යාපාරිකයෝ සහ රාජත‍්‍රාන්ති‍්‍රක නිලධාරීන් රැුසක් සහභාගී වූ මේ උත්සවය ක්ලාක්ගේ රසවත් කියුම්වලින් වර්ණවත් විය.
අළුබඳුන ටෙස්ට් තරගමාලාවට එක්වන ඔස්ටේ‍්‍රලියානු පිලේ හරි අඩක්ම පාහේ ක්ලාක්ගේ උපහාසාත්මක නම් පටබැඳීමට ගොදුරු විය. ඔහු සිය සගයන් ගැන විස්තර කළේ මේ අයුරිනි.
ඬේවිඞ් වෝනර් - ඔහුගේ පරණ සුරතල්නාමය බුල්. ඒත් දැන් ඒක සමනළයා බවට පත්වෙලා. ඒත් හිතන්න එපා ඔහු අද ? ඔයාලගේ ප‍්‍රශ්නවලට උත්තර දේවි කියලා. ඔහුට ශක්තිය ඉතුරු කරගන්න ඕනලූ.
කි‍්‍රස් රොජර්ස් - ඔහු තමයි මේ නාකි හමුදාවේ නායකයා.
රයන් හැරිස් - ඔහුත් නාකි හමුදාවේ පිලේ ඉහළ මට්ටමේ නායකයෙක්.
බ‍්‍රැඞ් හැඩින් - ඔහුත් නාකි හමුදා කණ්ඩයේ සවිමත් පුරුකක්.
මිචෙල් ජොන්සන් - කරාටේ ක‍්‍රීඩාවට ලැදි ජොන්සන් නාකි හමුදාවේ හොඳ සොලදාදුවෙක් තමා.
පීටර් සිඞ්ල් - එයාගේ ගොවිපොලේ ඉන්න කුකුළු පැටවුන්ට එයා කොයිතරම් ආදරේ ද කියනවානම් උන්ගේ නියපොතු පවා පාට කරනවා.
ජොස් හේස්ල්වුඞ් - හිස් වීදුරුවක් අමුත්තන්ට පෙන්වූ ක්ලාක් මෙසේ කීවේය. ‘ කරුණාකර කවුරුහරි ජොස්ට බීර වීදුරුවක් දෙන්න. එයා බීරවලට හරි ආසයි.
ෆවාඞ් අහමඞ් - අහමඞ් මේ කාලයේ රමලාන් උපවාසයේ නිරතවන බව ක්ලාක් අමුත්තන්ට සිහිපත් කොට දුන්නේය. ‘ඒ නිසා කරුණාකර ආහාර ගන්නා විට වෙන පැත්තකට හැරෙන්න.‘
සිය උපනායකයා හඳුන්වාදීමේ දී ක්ලාක් එය හොඳින් එය ඉටු කළේය.
”මම කොහොමද එයාව අමතක කරන්නේ..ලොව විශිෂ්ටතම පිතිකරු ස්ටීවන් ස්මිත්.”
ඔස්ටේ‍්‍රලියානු නායකයා සිය කතාවට දේශපාලනය ඈඳා ගැනීමට ද අමතක කළේ නැත. අළුබඳුන තරගමාලාව ජයග‍්‍රහණය කළ විට නයිට් නාමයක් පිරිනැමීමට ද ඔහු යෝජනා කළේය. එහෙත් එය ඔහුට ලැබෙනවාට නම් එතරම් කැමැත්තක් තිබුණේ නැත.
”ඒක මට ගැලපෙන්නෙ නෑ. මම ලිවර්පූල්වලින් ආපු යන්තම් පොඩි කොල්ලෙක්. මගේ සගයෝ මට ‘සර්‘ කියනවා හිතාගන්නත් බෑ.” යයි මයිකල් ක්ලාක්් කීවේය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.