Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (24) ආරම්භ වූ එංගලන්ත පකිස්තාන පළමු ටෙස්ට් තරගය අතරවාරයේ පකිස්තාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අධි තාක්ෂණයෙන් යුත් ඇපල් ඔරලෝසු පැළඳ ක්‍රීඩා කිරීම නිසා ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඔවුන්ට අවවාද කර තිබේ. මිින් පසුව අන්තර්ජාතික තරග සඳහා එවැනි සන්නිවේදන උපාංග භාවිතා කිරීම නොහැකි බවද අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි.
ජංගම දුරකථන හෝ වෙනත් කිසියම් අධි තාක්ෂණයෙන් යුත් සන්නවේදන උපාංග ක්‍රීඩාංගණය තුළදී භාවිතා කිරිම ක්‍රීඩකයන්ට තහනම් වේ. ඒ ඔස්සේ ක්‍රීඩාවේ ආචාරධර්මයන්ට හානියක් විය හැකි බැවින් එවන් කොන්දේසියක් පනවා තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් තරගයකට පිවිසීමේදී සියලුම ක්‍රීඩකයන් තමන්ගේ සන්නිවේදන උපාංග කිසියම් නිලධාරියකුට බාරදීමෙන් පසුව ක්‍රීඩාකළ යුතු බව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීතිරීති වල සඳහන් වේ.
ඇපල් ඔරලෝසු හරහා තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව ඉතා අධික බැවින් එය ක්‍රීඩාංගණය තුළදී භාවිතා කිරීම මගින් ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ලෙස හානි විය හැකිය යන්න පෙන්වා දී ඇති දූෂණ මර්ධන නිලධාරීහූ එම ඔරලෝසු භාවිතා නොකරන ලෙස පාකිස්තානුවන්ට අවවාද කර තිබේ.
ක්‍රිකට් තරග මුදලට පාවාදීමේදී ජංගම දුරකතනය විහාල බලපෑමක් කර ඇති අතර අධි තාක්ෂණික ඔරලෝසු හරහාද එවැන්නකට ඇති හැකියාව ඉහළය. මෙම කාරණය සැකිල්ලට ගෙන අධි තාක්ෂණික ඔරලෝසු පැළඳ ක්‍රීඩා කිරිම පවා තහනම් කර ඇත.
මෙම උපාංග ඔස්සේ සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව ඉතා පහසු ලෙස ක්‍රීඩකයන්ට සහ ක්‍රිඩාංගණයෙන් පිටත රැදී සිටින අනෙතකුත් පාර්ශ්වයන් වෙත සුක්ෂම අයුරින් තොරතුරු ලබා ගැනීම සහ නිකුත් කිරිමේ යැකියාව පවති.
“ක්‍රීඩා කරන ප්‍රදේශය වෙත ක්‍රීඩකයෙකුට සන්නිවේදන උපාංග ගෙනයාම තහනම්. එසේම අන්තර්ජාලය සමග සම්බන්ධ වන සන්නිවේදන උපකරණයක් භාවිතා කිරීමට කිසිම ක්‍රිඩකයෙකුට අවසරයක් නෑ” යයි යනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ප්‍රකාශ කර ඇත.
“අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරී පිරිස අප සමග කතා කළා. ඔවුන් කියා සිටියේ අපට එම ඔරලෝසු පැළදීමට අයිතියක් නැති බවයි” යයි හසන් අලී තරගයෙන් අනතුරුව කියා සිටියේය.
අවශ්‍ය නම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට මෙම උපකරණ තමන් සන්තකයට ගැනීමේ බලය පවා ඇති අතර මෙහි යම් ක්‍රියාකාරීත්වයක් පවතී නම් ඒ සම්බන්ධව සොයා බලා යම් විශ්ලේෂණයක් කිරිමටද හැකියාව පවතී.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.