Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලොව පැරණිතම පාපැදි සවාරිය ලෙස සැලකෙන ප්‍රංශ පාපැදි සවාරියේ පස්වැනි අදියර ජය ගැනීමට ඉතාලියේ ෆැබියෝ අරූ සමත් විය. කිලෝ මීටර් 160.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ විටෙල් නරගයෙන් ආරම්භ වී ලා ප්ලැන්චි ඩෙස් බේල්ස් ෆිලස් නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා ෆැබියෝට ගත වූ කාලය පැය 3.44:06 කි.
ෆැබියෝට වඩා තත්ත්පර 16 ක් පසුපසින් තරගය අවසන් කළ අයර්ලන්තයේ ඩැනියෙල් මාටින් පස්වැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර ෆැබියෝට වඩා තත්ත්පර 20 ක් පසුපසින් තරගය අවසන් කළ ක්‍රිස්ටෝපර් ෆෝම්ට හිමිවූයේ එහි තෙවැනි ස්ථානයයි.
පස්වැනි අදියර ජයගැනීමට ෆැබියෝ සමත් වුවද, මුල් අදියර 4 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල සමස්ත තරගයේ පෙරමුණට පැමිණීමට ජර්මනියේ ක්‍රිස්ටෝපර් ෆෝම් සමත් විය. ෆෝම්ට වඩා වඩා තත්ත්පර 14 ක් පසුපසින් සිටින ෆැබියෝට සමස්ත තරගය ප්‍රතිඵලය අනුව හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.
ඉකුත් වසරේ පැවැති ප්‍රංශ පාපැදි සවාරිය ජයගත් ක්‍රිස්ටෝපර් ෆෝම් මෙවර තරගාවලියේ සිවුවැනි අදියර නිමා වන විට සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ රැදිසිටියේය. එහෙත් පස්වැනි අදියර නිමා කිරීමට ගත කල කාළයත් සමග ඔහු එතෙක් සමස්ත තරගයේ පෙරමුණ ගෙන සිටි මහ බි්‍රතාන්‍යයේ ජෙරේන්ට් තෝමස් පසුපසට ඇද දමමින් එහි පෙරමුණට පැමිණියේය.
ප්‍රංශ පාපැදි සවාරියේ හයවැනි අදියර අද (6 වැනිදා) වෙසෝල් නරගයෙන් ආරම්භ වී ට්‍රෝයස් නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 216 කි.
සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 18.38:59
2 ජෙරේන්ට් තෝමස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 18.39:11
3 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 18.39:13
4 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 18.39:24
5 රිචී පොර්ට් (ඕස්ට්‍රේලියාව) - පැය 18.39:38
6 සයිමන් යේට්ස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 18.39:42
7 රොමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 18.39:46
8 ඇල්බර්ටෝ කොන්ටඩෝර් (ස්පාඥ්ඥය) - පැය 18.39:51
9 නයිරෝ කුයින්ටනා (කොලෙම්බියා) - පැය 18.39:53
10 රෆාල් මජ්කා (පෝලන්තය) - පැය 18.40:00
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.