Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් ක්‍රීඩාව දහයයි -10 ආකෘතියටත් යයි

ක්‍රිකට් ක්‍රීඩාව දහයයි -10 ආකෘතියටත් යයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සහීඩ් අෆ්රිඩි (පාකිස්තානය), විරේන්ද්‍ර සෙවාග් (ඉන්දියාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) සහ ඔයින් මෝගන් (එංගලන්තය) වැනි ක්‍රීඩකයන් සහභාගි කරවාගෙන ලබන දෙසැම්බරයේදී දහයයි10 (ටී-10) නමින් ක්‍රිකට් ක්‍රීඩාවට නව ආකෘතියක් හඳුන්වා දීමට එක්සත් ආරාබි එමීර් රජ්‍යයය සූදානම් වෙයි.

දෙසැම්බර් මස 21 වැනිදා සිට 24 වැනිදා මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඊට පාකිස්තාන සහ බංග්ලාදේශ කණ්ඩායම්වල හිටපු නායකයන් වන මිස්බා උල් හක් සහ සකීබ් අල් හසන්ද සහභාගි වීමට නියමිතය.

මෙම ආකෘතියට අනුව එක් කණ්ඩායමක් ඕවර 10 ක් ක්‍රීඩා කළ යුතු අතර ඒ සඳහා ඔවුන්ට මිනිත්තු 45 ක කාලක් හිමි වේ. ඒ අනුව තරගයක් මිනිත්තු 90 ක කාලයක් පැවැත්වේ.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය ලෙස සැලකෙන විස්සයි20 තරග 2003 වසරේ එංගලන්තයේදී ලොවට හඳුන්වාදුන් අතර 2005 පෙබරවාරි මාසයේදී ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර ඕක්ලන්ඞ්හිදී පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගය පැවැත්විණ.

එතැන් පටන් ටෙස්ට් ක්‍රිකට් තරග සහ ඕවර 50 එක්දින තරගවලට වඩා විස්සයි20 තරග ක්‍රීඩාලෝලීන් අතර මහත් ජනප්‍රියත්වයට පත් විය.

“ඕනෑම කෙනෙක් වීදිවල ඕවර 10 ක්‍රිකට් ක්‍රිඩා කරලා තියෙනවා. අපි හඳුන්වා දෙන නව ආකෘතිය මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවේගකාරී බව තවත් වැඩි වේවි. ඒ වගේම ක්‍රීඩාලෝලීන් එයින් මහත් තෘප්තියක් ලබාවි.” යැයි එක්සත් ආරාබි එමීර් රජ්‍යයයේ ක්‍රිකට් සභාපති සල්මන් ඉක්බාල් මහතා පවසයි.

“මෙම තරගාවලිය ගැන ඇහුවාම මම පුදුමයට පත් වුණා. ඒ නිසා මම එයාලට කිව්වා මට එම තරගාවලිය සහභාගි වෙන්න අවශ්‍යයි කියලා.” යැයි පාකිස්තාන කණ්ඩායමේ හිටපු ප්‍රවේගකාරි පිතිකරු සහීඞ් අෆ්රිඩි පැවසීය.

තරගාවලියේදී තරග වදින කණ්ඩායම 4 සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම මේ මස අවසන් භාගයේදී සිදු කිරීමට නියමිතය.


-036

 


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩාව දහයයි -10 ආකෘතියටත් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.