Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා අද (04 වැනිදා) උදෑසන සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා වෙත යවා තිබේ. පවතින වාතාවරණය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පෞද්ගලික සහ සෞඛ්‍යමය හේතු මත සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා තිබේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් අවධානය යොමුකරන කල්හි, තම ඉල්ලා අස්වීම තමන්ටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් යහපත් වන බැවින් මෙම තීරණයට එළැඹි බව ද මොහාන් ද සිල්වා මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලීන පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මේ අතර විධායක කමිටුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
A sad cricket fan Sunday, 05 November 2023 09:22 AM
SLC එකේ විධායක නිලධාරීන් ඉල්ලා අස්විය යුතුයි... එසේ නොකළහොත්, ක්‍රීඩා ඇමැති විසින් කළ යුතුයි. ඇමැතිවරයාට බලතල නැතිනම් පාර්ලිමේන්තුව මගින් ඉවත්කිරීම කළ යුතුයි.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.