Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්ත තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනත් දේවල්වලට අවධානය යොමු නොකර ක්‍රීඩාව සඳහා පමණක් පූර්ණ අවධානය යොමු කරන ලෙස උපදෙස් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් අතර සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ඇණුම්පද කීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමේදී ඒ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“අපි කණ්ඩයමේ කළමනාකාරිත්වයට දැනුම් දුන්නා සියලුම ක්‍රීඩකයන් දැනුවත් කරන්න කියලා සාමාජ මාධ්‍ය ජාලවලට නොව තරග සංචාරය සඳහා අවධානය යොමු කරන ලෙස සියලු ක්‍රීඩකයන් දැනුවත් කරන්න කියලා”
“අපිට ක්‍රීඩකයන්ට ෆේස්බුක් පාවිච්චිය තහනම් කරන්න බෑ” යැයි ද ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා එක්දින පිලේ නායක ලසිත් මාලිංගගේ බිරිඳ වන ටාන්යා පෙරේරාගේ යැයි කියන ෆේස්බුක් පිටුවකින් පළමු වරට තිසර පෙරේරාට යැයි හැඟෙන ආකාරයට ඇනුම්පදයක් පළකර තිබුණි. එහි තිසර පෙරේරාගේ සුතරල් නාමය වන ‘පැන්ඩා’ හැඟවීමට පැන්ඩෙකුගේ රූපයක් ද පහතින් යොදා තිබූ බව වාර්තා වේ.
ඉන් පසුව තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ වන ෂෙරමි දිනූෂිකා පෙරේරාගේ යැයි කියන ෆේස්බුක් පිටුව ඔස්සේ එම වැකියට පිළිතුරු සපයා තිබුණි. තිසර පෙරේරා යොමු කළේ යැයි කියන වැකියට පහතින් ඔහුගේ පසුගිය 2018 වසරේ දස්කම් දැක්වෙන සංඛ්‍යාත්මක විස්තරයක් ද පළකර තිබුණි.
ෆේස්බුක් පිටුවල පළවූ වැකි පහත දැක්වේ.
● ලසිත් මාලිංගගේ බිරිඳ වන ටන්යා පෙරේරාගේ යැයි කියන ෆේස්බුක් පිටුවේ පළකර තිබූ වැකිය.
“ක්‍රීඩා ඇමති පත්වීම් අරගෙන ගෙදරට ගොඩවෙන කොට චීත්තයක් ඇඳ ගනිපු හෙන පොරක් කියලා හිතන් ඉන්න ක්‍රීඩකයෙක් තමන්ගේ තැන රැකගන්න ගෙදරට ඇවිත්... ලැජ්ජයිනේ”
● තිසර පෙරේරාගේ බිරිඳ වන ෂෙරමි දිනූෂිකා පෙරේරාගේ යැයි කියන ෆේස්බුක් පිටුවේ ඉහළ වැකියට පිළිතුරු ලෙස පළකර තිබූ වැකිය.
“නරියෙක් සිංහ හමක් පොරවගත්තට කවදාවත් සිංහයෙක් වෙන්නේ නැහැ. නරියා කට ඇරියම නරියම තමයි”
● තිසර පෙරේාගේ යැයි කියන ෆේස්බුක් පිටුවේ පළකර තිබූ පිළිතුරු වැකිය.
“ගොසිප් සයිට්, ෆේස්බුක් හරහා මා හට මඩ ප්‍රචාරණය කිරීමට වෙර දරණ අඹුසැමි යුවල හට මා සමඟ පෞද්ගලික අමනාපකම් ඇතිනම් රැකියාවට එය සම්බන්ධ කර නොගන්නා මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මම යනු මම වන බවත් තැන ආරක්‍ෂා කිරීමට මට කිසිවකු පසු පස හඹා යාමට අවශ්‍ය නොවන බවත් පහළ ඇති මාගේ 2018 දක්‍ෂතා පුවරුව එය මැනවින් පිළිබිඹු වන බවත් මෙයින් දන්වා සිටිමි.
එමෙන්ම අපහාස කිරීමට එල්ල කරන චෝදනා සාක්ෂි සහිතව ඉදිරිපත් කරන ලෙසටත් අවනතව ඉල්ලා සිටිමි.
එසේම බිරින්දෑවරුන් තමන්ගේ කාර්යභාර්ය පමණක් කරගෙන සිටීනම් එය අපට වඩාත් පහසු වන බවත් කාරුණිකව දන්වා සිටිමි. ස්තූතියි”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.