Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
පරිපාලන අර්බුද මතුව තිබෙන ජාතික ක්‍රීඩා සංගම් හතරක් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව කරුණු පහදා දෙමින්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයාට විශේෂ ලිපියක් යොමු කර තිබේ. ඉහත සඳහන් ජාතික ක්‍රීඩා සංගම් හතරේ වත්මන් තත්වය සම්බන්ධයෙන් මෙම ලිපිය ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කර තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පසුගිය දෙසැම්බර් 11 වැනිදා යොමු කළ ලිපිය පාදක කර ගත් බවත් එහි සදහන් වේ.
ශ්‍රී ලංකා රග්බි සංගමය පිළිබදව කෙරෙන එකී දැනුවත් කිරීම අනුව අභියාචනාධිකරණයේදී පාර්ශවකරුවන් එකඟ වූ පරිදි එහි ඉදිරි නිලවරණය කැඳවීමේ අරමුණින්, නිලවරණ මෙහෙයුම් කමිටුව නිර්දේශ කර ගැනීම සදහා 2025 ජනවාරී 21 වැනිදා විශේෂ මහ සභා රැස්වීමක් කැදවීමට නියම කර ගත් බව දැනුම් දේ.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සම්බන්ධයෙන් අහියාචනාධිකරණයේ පවතින නඩුව විභාග වෙමින් පවතින බැවින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පාපැදි සම්මේලනයේ නිසි බලධාරියා ලෙස ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා අත්පන්දු ( හෑන්ඩ්බෝල්) සම්මේලනයට පසුගිය මැයි 15 වැනිදා තේරී පත්වූ නිලධාරී මණ්ඩලයත් ශ්‍රී ලංකා රෝද සපත්තු සම්මේලනයට පසුගිය අප්‍රේල් 05 වැනිදා තේරී පත්වූ නිලධාරී මණ්ඩලයත් ඒවායෙහි කටයුතු පවත්වා ගෙන යති. කෙසේ වෙතත් මෙම සම්මේලන දෙකටම සිය අන්තර් ජාතික සම්මේලනයන්හි උපදෙස් හා මාර්ගෝපදේශ පිළිපදින ලෙසත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයාට යොමු කළ මෙම ලිපියත් සමග පසුගිය ඔක්තෝබර් 25 වැනිදා ලෝක රග්බි සංගමය විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් සහ දෙසැම්බර් 12 වැනිදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ලිපි දෙකක පිටපත්ද යොමු කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.