Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කත්මණ්ඩු නුවරට ගිය අවස්ථාවේදී ඇති වූ ගැටළුකාරී තත්ත්වයන්ට වගකිවයුත්තේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් නම් කරන ලද සමස්ත කණ්ඩායම් ප්‍රධානියා බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා කියයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඊයේ (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී මුතුගල මහතා එසේ පැවසීය.
සාග් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමේදී සම්බන්ධීකරණ කටයුතු කිරීම ජාතික ඔලිම්පික් කමිටුවේ කාර්යභාරය වුවද එය කත්මණ්ඩු නුවර දී නිසි ලෙස ඉටු නොවූ බවත්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
“සරලව කියනවා නම් කණ්ඩායම් ප්‍රධානියාගෙන් ඒ දේවල් ඉටු වුණේ නෑ. ඒ වගේම ජාතික ඔලිම්පික් කමිටුව හැටියටත් ඔවුන්ගේ කාර්යභාරයත් නිසි ලෙස ඉටු නොවුණු බවයි අපට කියන්න වෙලා තිබෙන්නේ” යයි මෙම එහිදී මාධ්‍යවේදීන් කළ විමසුම්වලට පිළිතුරු දෙමින් මුතුගල මහතා පැවසීය.
සාග් ක්‍රීඩා උළෙලෙන් පසුව ශ්‍රී ලංකාවේ ඉදිරි ක්‍රීඩා ඉලක්කයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
නේපාලයේ කත්මණ්ඩු නුවර දී නොබෝදා නිමාවට පත්වූ 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නවාතැන් ගත් හෝටලයට ළඟාවීමේ දී ඇතිවූ ගැටළුකාරී තත්ත්වය ගැන එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ධම්මික මුතුගල මහතා පැවසුවේ, පෙර ගමන් සේවය සඳහා කත්මණ්ඩු නුවරට ළඟාවී සිටි ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතාගෙන් නිදහසට කරුණු විමසීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
“නවාතැන්, ප්‍රවාහන සේවා හා ආහාරපාන සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 73 ක් කත්මණ්ඩු නුවර තරග සංවිධායකයන්ට ලබාදුන්නා. එම කටයුතු ශ්‍රී ලංකාව වෙනුවෙන් සම්බන්ධීකරණය කළේ ජාතික ඔලිම්පික් කමිටුව මිසක් ක්‍රීඩා අමාත්‍යාංශය නොවෙයි. ඒ පිළිබඳව කත්මණ්ඩු නුවර දී අපට අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානියාට කියල දෙන්න අපට සිද්ධ වුණා” යැයි ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
සුගතදාස හෝටලයේ මදුරුවන්ගේ ප්‍රශ්නයෙන් පැන නැගුණු තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට කලින් නේවාසික පහසුකම් සූදානම් කර තිබුණේ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ නව නේවාසිකාගාරයේ නමුත් මලල ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රධානීන්ගේ ඉල්ලීම් මත පසුව ඔවුන්ට සුගතදාස හෝටලය ලබා දුන් බවත්ය.
ඒ සම්බන්ධයෙන් ගැටළු පැන නැගුණු අවස්ථාවල දී සුපුරුදු පරිදි කටයුතු කිරීම කණ්ඩායමේ කළමනාකරුවන්ගේ වගකීමක් බවත්, ක්‍රීඩා අමාත්‍යාංශයට ඒ ගැන දොස් කීම වගකිවයුතු නිලධාරීන් ඇඟ බේරා ගැනීමක් බවත් ඔහු අවධාරණය කර සිටියේය.
මේ අතර සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 68 දෙනකු වෙනුවෙන් පුහුණුකරුවන් 35 දෙනකුට ආසන්න පිරිසක් ගෙවීම් ඉල්ලා තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නේ හෙට (26) කැඳවීමට අපේක්ෂිත පුහුණුකරුවන්ගේ රැස්වීමේ දී බවත් ඔහු පැවසීය.
නිමාවූ සාග් ක්‍රීඩා උළෙලේ දී සමස්ත ශ්‍රී ලංකා නිල කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු මහතායි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.