Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන රජයේ අය වැයේදී ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් කෝටි 600 කට වැඩි ප්‍රතිපාදන වෙන් කර ගැනීමට කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
මෙම වසරට (2025) ක්‍රීඩා අමාත්‍යාංශය හඳුන්වාදීමට අපේක්ෂා කරන ප්‍රධානතම සංවර්ධන ව්‍යාපෘති සදහා මින් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් යොදා ගන්නා බවත් එහිදී ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රකාශ කළේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිණි.
ඒ අනුව විශේෂයෙන්ම කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ හා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ නවීකරණ කටයුතු සදහා එහිදී වැඩි ප්‍රතිපාදන මුදලක් වෙන් කෙරේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ පසුගිය වසරේදී (2024) නොවැම්බර් මාසය අවසන් වන විට රුපියල් කෝටි 200 කට වැඩි ප්‍රතිපාදන වැය කර තිබුණි.මේ අතර එහි පවත්වා ගෙන යන ප්‍රධාන ගිණුමක් වන ක්‍රීඩා අරමුදල මේ වන විට ශුන්‍ය තත්වයට පත්ව තිබෙන බවත් වාර්තාවේ.
අවසන් වශයෙන් එහි ඉතිරිව තිබූ බව කියන රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් ආසියානු ශූරතා (2023), ආසියානු ක්‍රීඩා, ආසියානු පැර ක්‍රීඩා (2022) ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පදක්කම්ලාභී ක්‍රීඩිකාවන්
වෙනුවෙන් පසුගිය ජූලි මාසයේදී ප්‍රදානය කෙරුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.