Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
රොෂාන් රණසිංහ මහතාගේ ඉවත් කිරීමෙන් හිස්වූ ක්‍රීඩා ඇමැති ධුරයට හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන හරීන් ප්‍රනාන්දු මහතා අද (27) රාත්‍රියේ සිට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ඒ ඔහු දැනට දරන සංචාරක හා ඉඩම් ඇමැති ධුරය හැරෙන්නටය.
රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු හා වාරිමාර්ග ඛටයුතු ඇමැති ධුරයෙන් අද පස්වරුවේ ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය. නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මීට පෙර 2018 ජනවාරි 20 වැනිදා සිට 2019 නොවැම්බර් 15 වැනිදා දක්වා ක්‍රීඩා ඇමැති ධුරයේ කටයුතු කර තිබේ.
මෙතෙක් රොෂාන් රණසිංහ මහතා යටතේ පැවැති යෞවන කටයුතු අමාත්‍යාංශයද හරීන් ප්‍රනාන්දු මහතාට පැවරී තිබේ. ඒ අතර රොෂාන් රණසිංහ මහතා මෙතෙක් දැරූ වාරිමාර්ග ඇමැති ධුරය වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පවරාතිබේ.
ඇමැති රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය නොවැම්බර් 05 වැනිදා අත්හිටුවීමට ගත් තීරණයත් සමග පැනනැගුණු දේශපාලන හා මතභේදකාරී තත්වයන් හමුවේ ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මැදිහත්වීමෙන් පසුව මෙලෙස රොෂාන් රණසිංහ මහතා ඇමැති ධුරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා අද පියවර ගත්තේය.
Ariyasena Lelwala Wednesday, 29 November 2023 09:43 AM
ගොඩක් හොඳයි.. ඔහු ක්‍රිකට් ගැන දන්නේ නැහැ.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.