Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 13 ක් තිස්සේ නොවිසඳුණු ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්නය අවසන් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය අද (26) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
1986/2 - 2016-9-26 දාතමින් නිකුත් කළ මෙම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවත් පැවැති වැටුප් විෂමතා අවසන් කෙරෙන බවත් ලංකාදිපයට අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.
මේ මස 29 වැනිදා යාපනේදි ආරම්භ වන 42 වැනි ජාතික මහා ක්‍රිඩා උළෙලට පෙර සිය වැටුප් ප්‍රශ්නය විසඳීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් ක්‍රීඩා උළෙලලට බාධා නොවන පරිදි යාපනේදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරින්ගේ සංගමය පවසා තිබුණි. පසුගිය අගෝස්තු 28 වැනිදා ක්‍රීඩා ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් දී තිබූ බවද ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණි.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදිප’යට අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
“මේ ප්‍රශ්නය අවුරුදු 13 ක් තිස්සේ ඇදී ගිය එකක්. ඊට ක්‍රීඩා ඇමැතිවරුන් කීපදෙනෙක් මැදිහත් වුණත් අන්තිමේදී ප්‍රශ්නය නතර වුණේ මගේ ළඟයි. දැන් ඒ ප්‍රශ්නයට අපි පසුගිය සිකුරාදා සාකච්ඡා කරල ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් අරන් ඒක (26) අතිවිශේෂ ගැසට් නිවේදනයක් ලෙසට ප්‍රකාශයට පත් කරන්න තීරණය කළා. මෙම ප්‍රශ්නය ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය තවදුරටත් කතා කළ යුතු නෑ. දැන් මේ අය කළ යුත්තේ රාජකාරි හරියට ඉටුකරන එක” යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
‘ලංකාදීප’ය කළ විමසුමකදී සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ සභාපති රෝහණ ජයලාල් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සිය සංගමය අද පස්වරුව වනවිටත් දැනුවත් වී නොසිටි බවය.
ක්‍රීඩා ඇමතිවරයාගේ ලිඛිත ප්‍රතිඥාව දකින තුරු තමන්ට ඒ පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.