Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කාන්තා අවසන් පූර්ව තරග හෙට
ආසියානු කුසලාන

කාන්තා අවසන් පූර්ව තරග හෙට

editorial - 2022 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (13 වැනිදා) ශිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී ඉන්දියාවට එරෙහිව තායිලනත්තයත්, පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවත් තරග බිමට පිවිසීමට නියමිතය.

මූලික වටය අවසනායේ ලකුණු සටහනේ පෙරමුණ ගත් ඉන්දියාව සහ සිවුවැනි ස්ථානයට පත්වූ තායිලන්තය අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 9.00 ට ආරම්භ වේ.

පිළිවෙලින් ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 1.30 ටය.

මූලික වටය යටතේ පැවැති තරගවලදී කඩුලු 9 කින් තායිලන්තය පරාජය කිරීමට ඉන්දියාව සමත් වූ අතර කඩුලු 5 කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට පාකිස්තානය සමත් විය. කෙසේ වුවත් තාලියන්තය ආසියානු කුසලාන කාන්තා තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින පළමු අවස්ථාව මෙයයි.

සහභාගි වූ තරග 6 න් 5 බැගින් ජයගෙන එක් තරගය බැගින් පරාජයට පත්වෙමින් ඉන්දියාව සහ පාකිස්තානය තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය. ශ්‍රී ලංකාව තරග 4 ක් ජයගෙන 2 ක් පරාජයට පත්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසෙද්දී, තායිලන්තය ඊට සුදුසුකම් ලැබුවේ තරග 3 ක් ජයගෙන සෙසු තරග 3 පරාජයට පත්වෙමිනි.

වසර 18 ක අතීතයකට හිමිකම් කියන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී පිට පිටම සිවුවරක් අනු ශූරියන් බවට පත්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, අවසන් වරට සහභාගි වූ තරගාවලි තුනේදීම (2012, 2016 සහ 2018) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අසමත් විය.

එබැවින් මෙම තරගාවලියේ අවසන් තරගයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මූලික වටයේදී පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් අවසන් පූර්ව තරගයට අවතීර්ණ වීමට සිදුවනු ඇත. එහිදී නායිකා චමරි අතපත්තු යළිත් ලකුණු අතරට පැමිණ සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි ගෙන දෙනු ඇත.


අදහස් (0)

කාන්තා අවසන් පූර්ව තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.