Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කාන්තා තරගාවලියේ දින වෙනස් වෙයි
අයි.සී.සී. කාන්තා ශූරතාවලිය

කාන්තා තරගාවලියේ දින වෙනස් වෙයි

editorial - 2023 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක යෙදී සිටින බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන සීමිත ඕවර තරගාවලියේ දින සංශෝධනය කර තිබේ. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙම දින සංශෝධනය කර ඇති අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය හෙට (04 වැනිදා) නැවතත් පැවැත්වීමට සූදානම් කර තිබේ.

බොරැල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියේ තරග සියල්ලම කොළඹ එස්.එස්.සී. පිටියට මාරු කර තිබේ. ඒ අනුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය සහ තුන්වැනි එක්දින තරගයද කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති පළමු කාන්තා එක්දින තරගයේදී වර්ෂාව නිසා තරගය අතර මග නවතා දමන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 36.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 152 ක් ලබා සිටියේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ශූරතාවලියට (2022 - 2025) ඇතුළත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තාවන් තරග 8 ක් ක්‍රීඩා කර ඇති නමුත් ජයගෙන ඇත්තේ එකම තරගයක් පමණි. කෙසේ වෙතත් දෙවැනි තරගයේදී එකම පන්දුවක් හෝ නොයැවූ බැවින් දෙවැනි තරගය හෙට පැවැත්වීමට නැවතත් කටයුතු සූදානම් කර තිබේ.


ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා තරගාවලියේ නව තරග කාලසටහන

මැයි 4    - දෙවැනි එක්දින තරගය - පෙරවරු 10.00 ට
මැයි 7    - තුන්වැනි එක්දින තරගය - පෙරවරු 10.00 ට
මැයි 9    - පළමු වැනි විස්සයි-20 තරගය - පෙරවරු 10.00 ට
මැයි 11    - දෙවැනි විස්සයි-20 තරගය - පෙරවරු 10.00 ට
මැයි 12    - තුන්වැනි විස්සයි-20 තරගය - පස්වරු 1.00 ට

■ සියලුම තරග එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙයි.

 


අදහස් (0)

කාන්තා තරගාවලියේ දින වෙනස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.