Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කාන්තා ශූරතාව හලාවත මේරියන්ස් පිලට
අන්තර් සමාජ පළමු පෙළ

කාන්තා ශූරතාව හලාවත මේරියන්ස් පිලට

editorial - 2024 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජ කාන්තා කණ්ඩායම සමත් විය. කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී යුද හමුදා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 90 ක පහසු ජයක් වාර්තා කරමින් මේරියන්ස් ක්‍රීඩිකාවෝ එම ශූරතාවට හිමිකම් කීහ. 

ජයග්‍රහණය සඳහා ඕවර 49 කදී ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය යුද හමුදා කාන්තා කණ්ඩායමට ඕවර 39 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. ආරම්භක පිතිකාරිණී අනුෂ්කා සංජීවනී හතරේ පහර 4 ක් සමග ලකුණු 35 ක්ද, නිලක්ෂි ද සිල්වා හතරේ පහර 2 ක් සමග ලකුණු 35 ක්ද රැස්කළ නමුන් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ. 

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සඳුනි නිසංසලා නිලකුණු ඕවරයක්ද සමග ඕවර 4 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් වූවාය. යුද හමුදා කාන්තා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් සුලීෂා සත්සරණි ලකුණු 30 කට කඩුලු 3 ක්ද, සචිනි නිසංසලා ලකුණු 32 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ ඕවර 49 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 205 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ ආරම්භක පිතිකාරිණී ඉමේෂා දුලානි හතරේ පහර 6 ක් සමග ලකුණු 71 ක්ද, නායිකා කවීෂා දිල්හාරි හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 80 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

ලකුණු 31 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 151 කදී ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඉමේෂා සහ කවීෂා සමත් වූහ. යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අචිනි කුලසූරිය නිලකුණු ඕයර 2 ක් සමග ඕවර 10 ක් යවමින් ලකුණු 37 කට කඩුලු 5 ක් බිඳහෙලීමට සමත් වූවාය. 


හලාවත මේරියන්ස් කාන්තා පිල - ඕවර 49 කදී කඩුලු 7 ක් දැවී 205 
(ඉමේෂා දුලානි 71, කවීෂා දිල්හාරි 80, අචිනි කුලසූරිය 37/5) 

යුද හමුදා කාන්තා පිල - ඕවර 39 කදී සියලු දෙනා දැවී 115 
(අනුෂ්කා සංජීවනී 35, ඉමල්කා මෙන්ඩිස් 19, නිලක්ෂි ද සිල්වා 35, සඳුනි නිසංසලා 07/4, සුලීෂා සත්සරණි 30/3, සචිනි නිසංසලා 32/2) 

 

අනු ශූරතාව හිමිකර ගත් යුද හමුදා කාන්තා පිල


අදහස් (0)

කාන්තා ශූරතාව හලාවත මේරියන්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.