Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ශූරතා කායවර්ධන තරග ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ගණනක් හිමිකර ගනිමින් පළමු වතාවට තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (21) සමත් විය. රටවල් 23 කගේ සහභාගීත්වයෙන් නිමාවට පත්වූ 48 වැනි ආසියානු කායවර්ධන ශූරතාවලියේදී සමත් විය.
එහිදී තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගත් ඉරානයට පමණක් දෙවැනි වූ ශ්‍රී ලංකාව මුඑ තරගාවලියේදී රන් පදක්කම් හතරක්, රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය. මෙවර සමස්ත තරගාවලියේ ජයග‍්‍රාහකයා වෙමින් ආසියානු අයෝමය ශූරයා සම්මානය දිනාගත්තේ ඉරානයේ කලීල් අසාදි විසිනි.
කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී දෙදිනක් පුරා පැවති තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාව විසින් දැරූ අතර එහිදී ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී ඉහළම ප‍්‍රතිඵල ලබාගැනීමට සමත් වූවත් තරගාවලිය සංවිධානයේදී ඊට අනුග‍්‍රාහකයින් ඉදිරිපත් වීමට මැලිවීම නිසා ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනය දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නේය.
එසේ වුවත් තරගාවලිය වඩාත් හොඳින් සංවිධානය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති කපිල කුමාර මහතා ආසියානු කායවර්ධන සම්මේලනයේ හා අන්තර්ජාතික කායවර්ධන සම්මේලනයේ ඇගයීමට ලක්විය. එහිදී ඔහුට ඒ වෙනුවෙන් ආසියාන් ශූරතා තරග වේදිකාවේදී සම්මානයක් ප‍්‍රදානය කිරිමටද ආසියානු කායවර්ධන සම්මේලනය කටයුතු කළේය.
අවසන් තරග නැරඹීම සඳහා සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයට අතිවිශාල පිරිසක් පැමිණ සිටීම කැපී පෙණුනි. එහිදී කාන්තා කායවර්ධන තරග ඉසව් දෙකක්ද තරගාවලියට ඇතුළත් වූ අතර එය නුහුරු අත්දැකීමක් වූ බැවින් ශ්‍රී ලාංකික නරඹන්නන්ගේ දැඩි අවධානයට යොමු විය.
ප‍්‍රධාන තරගාවලිය ඉසව් 10 කින් සමන්විත වූ අතර එහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ කිලෝග‍්‍රෑම් 100 ට වැඩි බර පංතියේදී ශ්‍රී ලංකා කී‍්‍රඩක ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ දෙවැනි තැනට පත් කරමින් එහි රන් පදක්කම දිනාගත්තේ ඉරාන කී‍්‍රඩක රීසා වර්ගර් සැහෑඞ් විසිනි.
කොළඹ පැවති 48 වැනි ආසියානු කායවර්ධන ශූරතාවලියේ තීරක මඩුල්ලේ කටයුතු කළ එකම ශ්‍රී ලාංකිකයා වූ නිහාල් වීරතුංග මහතා ‘ලංකාදීපය’ ට පැවසුවේ රටවල් 23 ක් සහභාගී වූ මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දස්කම් සැබවින්ම බලධාරීන්ගේ ඇස් ඇරෙන සිදුවීමක් වූ බවය.
”අපේ කී‍්‍රඩකයන් දුප්පත් නමුත් ඔවුන්ගේ දස්කම් ඉතාම පොහොසත් බව මෙදා තරගාවලියේදී පෙණුනා. ඇත්තටම ඔවුන් වැඩිදෙනෙක් දුප්පත් කී‍්‍රඩකයන් පුහුණුවීම් කළේ අනේකවිධි දුක් කම්කටොලූ රැසක් මැද ඔවුන්ට උදව් කරනවා නම් අපට කායවර්ධන කී‍්‍රඩාවෙන් ලෝකයම ජයගන්න පුලූවන්..” වීරතුංග මහතා පැවසීය.
ජාතික පුහුණුකරු රෝහණ ජයසුන්දර මහතා යටතේ පුහුණුවීම් කළ ජාතික කායවර්ධන සංචිතයේ කී‍්‍රඩකයෝ 21 ක් මෙවර තරගාවලියට සහභාගී වූහ.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දස්කම්හි තවත් කැපී පෙනෙන වෙනසක් වන්නේ ආසියානු ශූරතා තරග ඉතිහාසයේ වැඩිම කී‍්‍රඩකයන් ගණනක් ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා තිබීමය. ප‍්‍රධාන තරගාවලියේ ඉසව් සඳහා පමණක් ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ 9 දෙනෙක් දෙනෙකු සුදුසුකම් ලබාගත්හ.
කෙසේවුවත් කිලෝග‍්‍රෑම් 75, 80, 85, 90 හා 100 යන බර පන්තීන්හි අවසන් තරග සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් විය.
කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා, දෙහිවල - ගල්කිස්ස පුරපති ධනසිරි අමරතුංග යන මහත්වරු ඇතුඑ ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. කී‍්‍රඩා අමාත්‍යාංශය මෙම තරගාවලියේ වියදම් සඳහා රුපියල් මිලියන තුනක මුදලක් ලබාදී තිබුණි.
අවසන් මොහොතේදී පෞද්ගලික අනුග‍්‍රාහකයන් කීපදෙනෙකුගේ සහයෝගයද තරගාවලිය සඳහා ලැබුණි. මෙම අවස්ථාවට ආසියානු කායවර්ධන සම්මේලනයේ සභාපති ෂෙයික් අල් හුසේන් අල් කලීෆ් හා ලෝක කායවර්ධන සම්මේලනයේ සභාපති ආචාර්ය රෆායල් සන්ෆොන්ඩා යන මහත්වරු ඇතුඑ ඉහළ පෙළේ ¥ත පිරිසක්ද මෙවර ආසියානු තරගාවලිය පැවැත්වෙන අවස්ථාවේදී ශී‍්‍ර ලංකාවට පැමිණ සිටියහ.
ශ්‍රී ලංකාව පදක්කම් දිනාගත් ආකාරය
රන් පදක්කම්
රිදී පදක්කම්
ලෝකඩ පදක්කම්
48 වැනි ආසියානු කායවර්ධන ශූරතාවලියේ විශේෂ අවස්ථා ...
(ඡායාරූප - ඉෂාන් සංජීව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.