Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ එම ඉසව්වේ 8 වැනි ස්ථානයට පත්විය. අවසන් තරග නිමා කිරීම සඳහා ඔහුට ගත වූ කාලය තත්පර 46.49 කි.
කාලිංග අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එම ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී තත්පර 46.21 ක කාලයක් වාර්තා කරමිනි. අවසන් තරගයේදී ඔහුගේ තරග නිමි කාලය, අවසන් පූර්ව තරගයේ තරග නිමි කාලයට වඩා තත්පර 28 කින් වැඩි තිබිණ.
එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට කටාර් දේශයේ අබ්දලේලා හසන් සමත් වූ අතර තරග නිමා කිරීම සඳහා ඔහුට ගත වූ කාලය තත්පර 44.89 කි. එහි රිදී පදක්කම ඉන්දියාවේ අනාස් මුහම්මද් (තත්පර 45.69) විසින්ද, ලෝකඩ පදක්කම බහරේනයේ අලී ඛාමිස් (තත්පර 45.70) විසින්ද දිනාගනු ලැබූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.